Thursday, September 3, 2026
HomeNEWSLatest Newsඡන්ද දායකයින් සීමාකර බහුතරයක් නොමැති ආණ්ඩුවක් සැකසීමේ කුමන්ත්‍රණයක් ගැන විමල් හෙළි කරයි.

ඡන්ද දායකයින් සීමාකර බහුතරයක් නොමැති ආණ්ඩුවක් සැකසීමේ කුමන්ත්‍රණයක් ගැන විමල් හෙළි කරයි.

යුරෝපා තානාපති උපදෙස් අනුව ්දය ලබා දෙන පිරිස අඩු කර බහුතර කැමැත්තක් නැති ආණ්ඩුවක් සෑදීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ අරමුණ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ස්වාධීන මැතිවරණ කොමිසන් සභාවට ප්‍රබල චෝදනාවක් එල්ල කරනු ලබයි. යුරෝපීය තානාපති කාර්යාල වලින් ලැබෙන උපදෙස් අනුව මැතිවරණ කාර්යාලවල මැතිවරණ අපේක්ෂකයින්ගේ පින්තූර ,මනාප අංක ප්‍රදර්ශනය තහනම් කිරීම, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදුකරමින් සිටින බවත් එමගින් ඉදිරියේ දී මැතිවරණය සඳහා ජනතාවගේ පවතින උණුසුම නැතිකොට ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය අඩු කිරීමේ අරමුණ බවත් විමල් වීරවංශ මහතා විසින් පෙන්වා දෙන ලදී. කෙසේ වුවද ඡන්දය ලබා දෙන පිරිස අඩු කිරීම මගින් බහුතරයකගේ කැමැත්ත මත බිහි නොවූආණ්ඩුවක් යැයි කියමින් මානව හිමිකම් චෝදනා නැගීමට යුරෝපා සංගමයට හැකි වෙනසේ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ අරමුණ බවත් එම අරමුණ ඉටුකර ගැනීමට එහි සභාපතිවරයා ඇතුළු පිරිසට ඉඩ ලබා නොදෙන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img