Friday, September 11, 2026
HomeNEWSජංගම දුරකථනයක් උදුරාගත් සැකකරු හසුවෙයි 

ජංගම දුරකථනයක් උදුරාගත් සැකකරු හසුවෙයි 

මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියකගේ ජංගම දුරකථනය උදුරාගෙන පළායමින් සිටි පුද්ගලයෙකුව අල්ලාගැනීමට අවට සිටි පිරිස් සමත්වී තිබුණි.

සැකකරු 27 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු තරුණියගේ ජංගම දුරකථනය උදුරාගැනීමත් සමග ඇය කෑගසමින් උදව් ඉල්ලා තිබේ. 

ඒ අනුව අවට සිටි පිරිස් සැකකරුව අල්ලාගැනීමට සමත්වූ අතර පසුව ඔහුව පොලීසියට භාරදී තිබුණි. 

නුවරඑළිය බස් නැවතුම්පොළ පිටුපස පිහිටි උද්‍යාන මාර්ගයේදී අද දහවල් මෙම සිද්ධිය සිදුවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය කලුකැලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img