විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවවේ අදහස් දැක්වූ යේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මැතිතුමාය.
අරගලයට වසරක් වන ඓතිහාසික දිනයක් ඊයේ නිමා කළා නමුත් ඒ අරගලයේ බලාපොරොත්තු ඉටු වුණාද කියන ප්රශ්නය රට තුළ තියෙනවා අරගලය තුලින් මේ රටේ ජනතාව සියලු දෙනා එකතු වෙලා මේ රටට අවශ්‍ය කාරණා පිළිබඳව හඬක් නගමින් රට පාලනය කර දේශපාලන ක්ෂේත්රය වෙනස් කරන්න ජනතාව ඉදිරියට ආවා. ඒ අරගලයේ ප්‍රධානතම අරමුණක් තමයි දූෂණය නැති කරන්න අවශ්‍ය කටයුතු කරන එක බව ඔබ දන්නවා.ඒ වගේම අරගලය අවසන් වෙලත් ජනතාව දූෂණය ගැන කතා කරනකොට අන්තිමට මොකද වුණේ අරගලයේ බලාපොරොත්තු ඉටු වෙලා ද, අද බැලුවම ඒ රටේ ජනතාව එපා කියපු කණ්ඩායම තවමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ජනතා නියෝජිතයන් විදියට ඉන්නවා එය හරියට පරණ වයින් බෝතලයේ මූඩිය විතරයි වෙනස් වුණා වගේ අද මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු වූ අරගලයේ ජයග්‍රහණයක් තියෙනවා එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරයා ජනතාවගේ බලයෙන් පහකර දැම්මා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් අන්තිමට බංකර ඇතුලේ හමුදා කදවුර වල හිටපු සියලු දෙනා එළියට බැහැලා අරගල කරුවන්ට පාඩමක් උගන්වන තත්ත්වයට පත්වෙලා.එදා වුණේ අරගල කරුවන් පාලකයින්ට පාඩමක් උගන්වන එක දැන් ඒ එලවපු පාලකයෝම අරගල කාරයන්ට පාඩමක් උගන්වන්න පටන් අරගෙන තියෙනවා.
අරගලය ගැන කතා කරනකොට ප්‍රධාන කාරණයක් තමයි දූෂණ විරෝධී පනත අද මොකක්ද ඒකට වෙලා තියෙන්නේ දූෂණ විරෝධී පනත විෂයභාර අමාත්‍යවරයා අකමැත්තෙන් කල් දමමින් ඉන්නවා කොහොමද එහෙම වෙන්නේ අදෘශ්‍යමාන හස්තයක් තවම ක්‍රියාත්මක වෙනවා රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඉන්න අය නෙමෙයි පාර්ලිමේන්තුවෙන් එදා අරගලය නිසා ඉල්ලා අස්ව වෙච්ච අය පාර්ලිමේන්තුව පිට ඉඳගෙන තවමත් පාලනය කරන තත්ත්වයක් අපට පේනවා.දූෂණ විරෝධී පනත අමාත්‍යවරයා කියනවා මම ඉදිරිපත් කරන්න ඡන්දයකට යන්න අකමැත්තක් නැහැ කියලා නමුත් ගෙදර යවපු අය තවමත් පාලනය කරමින් දූෂණ විරෝධී පනත ගෙන එන්නට ඉඩ දෙන්නේ නැති තත්වයට පත් කරලා ඒකයි කියන්නේ අපේ අරගලයේ බලාපොරොත්තු පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා.
අරගලයේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් වෙන්න ඕන කියලා කිව්ව අය ගෝඨාභය රාජපක්ෂව එළවලා මේ රටේ ප්රජාතන්ත්රවාදය තවත් ශක්තිමත් විය යුතුයි කියලා විශ්වාස කළා.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත්වෙලා ජාතික ලැයිස්තුවෙන් ඇවිත් පොහොට්ටුවේ ආශිර්වාදයෙන් ජනාධිපති වෙලා තියෙනවා ඒ මහා ප්රජාතන්ත්රවාදියා එය සම්පූර්ණම හකුලන්න කටයුතු කරමින් මැතිවරණ තියන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා කල් දාන්න ඡන්දයක් නැහැ කියලා හැබැයි මැතිවරණ කොමිසම දින දෙකක් ප්‍රකාශයට පත් කරලා. අද කොමිසම වත් වචනයක් කතා කරන්නේ නැහැ පළාත් පාලන ආයතන සියල්ලම විසරුවලා අද අදෘශ්‍යමාන හස්තය වන ගෙදර යැවූ රාජපක්ෂ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක එකතුවෙලා විසිර වූ පළාත් පාලන ආයතන ටික නැවත බලාත්මක කරන්න යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා අපි සමගි ජන බලවේගය හැටියට ඊට විරුද්ධව අධිකරණයට යනවා අපි විශ්වාස කරනවා අධිකරනයෙන් සාධාරණයක් ඉටු වෙයි කියලා ජනවරමක් නැතුව විසිර වූ පළාත් පාලන ආයතන ටික නැවත සක්‍රිය කරන්න තරම් ප්රජාතන්ත්ර විරෝධී ගමනක අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. එදා රාජපක්ෂ අද රනිල් වික්‍රමසිංහ ඒ දෙගොල්ලම එකතු වෙලා දිගින් දිගටම මෙවැනි පනත් ගෙනාවා අපි දැක්කා මාධ්‍ය මර්දනය කරන්න පනත් ගේන්න උත්සාහ කරනවා ඒ කියන්නේ මාධ්‍ය ආයතන මේ ආණ්ඩුවට විරුද්ධව යම් ප්‍රකාශයක් සිදු කරානම් ඒ කියපු පුද්ගලයා පමණක් නෙමෙයි පෙන්වපු මාධ්‍ය ආයතන වලටත් විරුද්ධව කටයුතු කරන්න පුළුවන් වන ආකාරයට ප්රජාතන්ත්ර විරෝධී අනපනත් දිගින් දිගටම ගේනවා දැන් මේ ආණ්ඩුවට විරුද්ධව ජන මතයක් ගොඩනැගිලා ඉතා කනගාටුයි ආර්ථික අර්බුදයේ ඉතා අමාරුවෙන් ජීවත් වන ජනතාව කබලෙන් ලිපට වට්ටලා අස්වැසුම කියලා ව්‍යාපෘතියක් ගෙනත් තියනවා ඒ තුළ සියලුම සහනාධාර මේ වෙනකොට නැති වෙලා තියෙනවා ආබාධිත අය එක්තැන් වෙලා ඉන්න අය අන්ත අසරණ අයගේ ඒ දීමනාව සම්පූර්ණ කප්පාදු වෙලා නුසුදුසු අයට ලබා දෙන එකට අපි කවදාවත් එපා කියන්නේ නැහැ සුදුසු අය විශාල ප්‍රමාණයකට නො ලැබිලා තියෙනවා ඒ අහිංසක ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැවත ඉල්ලීමක් කරන්නවත් බැරි තත්ත්වයට පත් වෙලා මාධ්‍ය සාකච්ඡා වල ඇමතිවරු කියනවා තව කල් තියෙනවා අවසාන තීරණය නෙමෙයි කියලා මම ඉතා පැහැදිලිව කියනවා කරුණාකරලා මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු ටික හදාගන්න කම් නතර කරන්න ඒ අඩුපාඩු හදාගන්න අත්‍යවශ්‍යයි මේ වෙලාවේ රටේ ජනතාවට සහන ලබා දිය යුතු වෙලාව එහෙම නැතිව සහන කප්පාදු කරන වෙලාව නෙමෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි පක්ෂයක් හැටියට ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුලදී සහ පිටදී අධිකරණයේදී අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය දා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායකවරයාට ආරාධනා වක් කලා එන්න අපි එකතුවෙලා රට හදමු කියලා?
අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව ගත්තම ගහලා එලවපු කණ්ඩායමක් ඉන්නේ ඒ අය හිටියේ හමුදා කදවුරු වල බංකර් අස්සේ රැවුල් වවාගෙන හැංගිලා.නමුත් අද ඇමති කම් දීලා සියල්ල ඉස්සරහට අරගෙන තියෙනවා එදා ගෝඨාභය බලාගත්තාට වැඩිය හොදට ඔවුන් බලාගන්නවා හැබැයි ඒ අය රටම ප්‍රතික්ෂේප බව අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අමතක වෙලා.එහිදී අපට කියන්නේ රටම ප්‍රතික්ෂේප කරපු හොර ගුහාවකට එකතු වෙන්න කියලද,
දැන් එතුමාට බලය තියෙනවා ව්‍යවස්තාවේ පාර්ලිමේන්තුව විසුරුවන්න රට වෙනුවෙන් අපි වැඩ කරනවා පාර්ලිමේන්තුව විසුරුවන්න ව්‍යවස්ථානුකූල බලය පාවිච්චි කරන්න එහිදී අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගය ආණ්ඩුවක් හදන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා එහි අගමැති වෙනවා එතකොට වැඩ කරන්න පුළුවන් ජනවරමකින් ආණ්ඩුවක් හදලා වැඩ කරන්න අපි සූදානම් නැත්නම් මේ රට ප්‍රතික්ෂේප කරපු රටේ ජනතාව එකතු වෙලා අවුරුද්දකට කලින් එළවපු කණ්ඩායමක් එක්ක එකට හිත ගන්න බැහැ. ඇත්තටම ජනතාවට අද දේශපාලනය ගැන හිරිකිතයි පාර්ලිමේන්තුවට ගියාම ඒක මටත් තේරෙනවා එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බැනපු බැනිල්ල මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ඉස්සරහා පේලියේ දිහා බැලූවොත් මොකද රනිල් හිරේ යනකම් මට නින්ද යන්නෙ නැහැ කියපු අය බැංකු හොරා මේ කියපු නැති දෙයක් නෑ හැබැයි අද ඒ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගුණ වර්ණනා කරන හැටි දැක්කම ඒ හිරිකිතය අපිටත් දැනෙනවා.
ආණ්ඩුව දිනෙන් දින බදු වැඩි කරනවා හැබැයි බදු ගෙවන්නේ නැති කණ්ඩායමක් රටේ ඉන්නවා හැමදාම ඒ අය ප්රතිලාභ භුක්ති විදිනවා අපි මේ ආණ්ඩුවට විශේෂයෙන් කියනවා එයට විරුද්ධව අවශ්‍ය කටයුතු සිදු කරන්න අහිංසක ජනතාවට තවත් ජීවන බර වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ බදු ලබාගන්න පුළුවන් කණ්ඩායමේ බදු ටික ගත්ත නම් ලොකු ආදායමක් ආණ්ඩුවට ගන්න පුළුවන්.






















