Wednesday, November 11, 2026
HomeNEWSමහනුවර මහියංගනය බස් අනතුර වළක්වා ජීවිත බේරාගත් සෙබළා අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට…..

මහනුවර මහියංගනය බස් අනතුර වළක්වා ජීවිත බේරාගත් සෙබළා අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට…..

2023.07.10

මහනුවර මහියංගනය බස් අනතුර වළක්වා ජීවිත බේරාගත් සෙබළා අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට…..

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වී වළක්වා ගෙන එම බස් රථයේ ගමන් ගත් පනහකට අධික මගී ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බී.ආර්.කේ.එල් කරුණාරත්න කෝප්‍රල් වරයා 2023.07.10 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර කෝප්‍රල් වරයා සිදුකළ වීර ක්‍රියාව අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.
2023.05.26 දින බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා රියදුරු අසුනින් ඉවතට විසි වී ඇති අතර මීටර් පනහක් පමණ දුරක් රියදුරු නොමැති වූ බස් රථය ගමන් කර තිබේ. එම අවස්ථාවේදී බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා සෙබල කෝප්‍රල් වරයා වහාම ක්‍රියාත්මක වී රියැදුරු නොමැතිව විශාල බැවුමකට ධාවනය වෙමින් තිබු බස් රථය මහත් පරිශ්‍රමයක් දරා පාලනය කර නවත්වා ගැනීමට සමත්වීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වලක්වා ගැනීමට හැකිවිය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img