Friday, September 11, 2026
HomeNEWSජනපතිගෙන් විශේෂ ආරාධනයක්

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අදාළ සාකච්ඡාව ලබන 10 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට නියමිත එම සාකච්ඡාව සඳහා සියලුම වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර තිබේ.

මෙහිදී බදු සංශෝධන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂිත බව සඳහන්ය. 

මේ අතර ඊයේ (07) දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී වෘත්තීමය වශයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ඒකඟතාවකට පැමිණි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ අතර අද දිනයේ එක්දින වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

රජයට එරෙහි විරෝධතා දැක්වීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img