Sunday, November 8, 2026
HomeNEWSජනපතිගේ සිංගප්පූරු ගමනට බාධා

ජනපතිගේ සිංගප්පූරු ගමනට බාධා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය ANI පුවත්සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය මගහැරී ඇති බවය.

ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මාලදිවයිනේ සිට ඊයේ රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මේ අතර ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මෙතෙක් කථානායකවරයා වෙත යොමුකර නොමැත.

සිංගප්පූරුවට ගිය පසුව අදාළ ලිපිය තමන්ට ලබාදෙන බවට ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ ප්‍රකාශ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ සදහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයා මාලදිවයිනට පැමිණීමට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ මාලේ අගනුවර විරෝධතාවයක ද නිරත වී තිබුණි.

එහිදී එක් පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img