මාධ්‍යවේදී දර්ශනපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් රචිත “ජනමාධ්‍ය ආචාර ධර්ම” ග්‍රන්ථය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ දී මෙම ග්‍රන්ථය පිරිනැමීම අද (23) දින සිදු කෙරිණි. යහපත් සමාජයක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය ආචාරධර්ම ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී කෙටි පිළිසඳරක් ද සිදුවිය. වෛද්‍ය යෝගා රාජකරුණා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.






















