Saturday, August 22, 2026
HomeNEWSජපන් රජය පොලීසියට පරිත්‍යාග කළ වාහන ජනපතිට භාරදෙයි...

ජපන් රජය පොලීසියට පරිත්‍යාග කළ වාහන ජනපතිට භාරදෙයි…

ජපන් රජය පොලීසියට පරිත්‍යාග කළ වාහන ජනපතිට භාරදෙයි…

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

වාහන භාරදෙනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසිනි. වාහනවල තත්වය විමසා බැලූ ජනාධිපතිතුමා තානාපතිවරයා සමග සුහද කතා බහක නිරත විය.

ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මේ පරිත්‍යාගය කර ඇත. රුපියල් මිලියන 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් අද භාර දෙනු ලැබීය. 

දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අති නවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබෙයි. ජීප් රථ 25, මෝටර් බයිසිකල් 150ක්, Search Gates 7ක්, Total Search Machine 01ක් , Handheld Metal Detector  80ක් ඊට අයත්ය. 

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහූ, ජපාන ක්‍රවුන් නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජී.ඩබ්.යූ. දුමින්ද චන්ද්‍රරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර අදාළ පත්වීම් ලිපිය ජනාධිපති...

අර්චුනා රාමනාදන් සිය වසර දෙකක පාර්ලිමේන්තු ජීවිතයට සමු දෙමින් අවසාන කතාවෙන් සභාව අමතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අද තමා සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බවයි. එහිදී තමා විවිධ අවස්ථාවල සිදුකළ ප්‍රකාශයන්ගෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img