සෞඛ්‍ය නීති පිළිනොපදින මහනුවර ටියුෂන් ගුරුවරු
මහනුවර නගරය ඇතුළු අනෙකුත් නගරවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුමනය නොකරන උපකාරක පන්ති නැවැත්වීමට පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් ලබාදුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ අනුව පොලීසියට හා හමුදාවට සිදුකළ විශේෂ ඉල්ලීමක් මත මහනුවර නගරයේ සියලුම උපකාරක පන්ති වහාම පරීක්ෂා කිරීමට නියමිත බව ද ඒ මහතා කියාසිටියේය.
එහිදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින උපකාරක පන්ති වසා දැමීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කළ බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“ලොකු තර්ජනයක් තියෙනවා මේ පන්තිවල ඉන්න ළමයි තමයි දැන් සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු 1 වන දා සිට මුහුණදෙන්නේ. එතකොට විභාගයට යම් අවධානමක් නොවෙන ලෙස අපේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධ්‍යාපන පළාත් අධ්‍යක්ෂතුමා දැනුවත් කළා. “






















