Thursday, October 29, 2026
HomeNEWSජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්ට දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමතිනිය හමුවෙයි

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්ට දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමතිනිය හමුවෙයි

මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස අද (30) දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය හමුවිය. මෙම හමුවට දිල්ලි ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය අශීෂ් සූද් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි විය.

මෙහිදී දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විසින් වත්මන් කාලසීමාව තුළ ජනතාවගේ අවශ්‍යතා සහ සුබසාධනය වෙනුවෙන් මෙන්ම දිල්ලි නගරයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය ඇතුළු පිරිස විසින් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබීය.

විශේෂයෙන් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක වන විදුලි බස් රථ ව්‍යාපෘති, විදුලි වාහන ප්‍රවර්ධනය හා ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විදුලි බස් රථ ප්‍රවාහන පද්ධතිය පුළුල් කරමින් සිටින අතර, 2026 වසර තුළ විදුලි බස් රථ විශාල සංඛ්‍යාවක් එක් කර තිබෙන බවද මෙහිදී සඳහන් විය.

එමෙන්ම කාන්තාවන්ගේ සුබසාධනය, ආර්ථික සවිබලගැන්වීම සහ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

දරුවන්ගේ සහ ජනතාවගේ සුබසාධනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින සමාජ හා ආර්ථික වෙනස්කම්, ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින සුබසාධන වැඩසටහන් පිළිබඳවද ටිල්වින් සිල්වා සහෝදරයා විසින් අදහස් පළ කළේය.

විශේෂයෙන් රට පුරා තිරසාර පාරිසරික පිරිසිදුතාවක් ඇති කිරීම සහ මහජන ආකල්පමය වෙනසක් ඇති කිරීමයි සඳහා ගෙන යන “Clean Sri Lanka ” වැඩපිළිවෙළ පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.

මෙම හමුව දෙරටේ දේශපාලන හා පරිපාලන අත්දැකීම් මෙන්ම ජනතා සුබසාධනය හා සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගැනීමට වැදගත් අවස්ථාවක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img