Sunday, November 8, 2026
HomeNEWSජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් ජනපති රනිල් වික්‍රමසිංහ රැකගැනීම ජනතාවගේ වගකීමක් - වජිර අබේවර්ධන

ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් ජනපති රනිල් වික්‍රමසිංහ රැකගැනීම ජනතාවගේ වගකීමක් – වජිර අබේවර්ධන

ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැකගැනීම රටේ පොදු ජනතා‍වගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස තේරී පත්වීම ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ විශාල පරාජයක් බවයි.
රටට එරෙහි බලවේග ඈත අතීතයේ සිටම විවිධ ස්වරූප වලින් මතු වූ අතර මෑත රාජ්‍ය විරෝධී අරගලය තුලින් පෙන්නුම් කළේද ජාත්‍යන්තර කුමන්ත්‍රණ තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. මීට පෙර රාජ්‍ය නායකින් කිහිප දෙනෙකුම ඝාතනය කර ඇති බවත් එම සිදුවීම් ද යම් යම් කුමන්ත්‍රණවල ප්‍රතිඵල බවත් වජිර අබේවර්ධන මහතා විසින් පෙන්වා දෙයි. මෙම අර්බුදකාරී අවස්ථාවේදී රට ගොඩනැගීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරන බැවින් ඒ මහතා රැකගැනීමේ වගකීම හැමවිටම මේ රටේ පොදු මහජනතාව සතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img