Saturday, October 24, 2026
HomeNEWSLatest Newsජාතික ජල සම්පාදන හා ජලාපවහන සේවකයෝ කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 15ක් ...

ජාතික ජල සම්පාදන හා ජලාපවහන සේවකයෝ කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 15ක් අග්‍රාමාත්‍යතුමාට භාර දෙති

ජාතික ජල සම්පාදන හා ජලාපවහන සේවකයෝ කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 15ක්  අග්‍රාමාත්‍යතුමාට භාර දෙති

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් – 19 අරමුදල සඳහා අද 2020.10.19 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමාට භාර දුන්හ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලුම කාර්යය මණ්ඩලය හා කළමනාකාරීත්වය නියෝජනය කරමින් ඊට අදාළ චෙක්පත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූයේය. 

ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් 7500 ක් දායකත්වය දක්වා තිබේ. 

මෙම අවස්ථාව සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග, හිටපු සාමාන්‍යාධිකාරී ආර්.එ‍ච්.රුවිනස්, අතිරේක සාමාන්‍යාධිකාරී (මානව සම්පත් කළමනාකරණ) ජී.කේ.ඉද්දමල්ගොඩ මහත්වරු එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img