Wednesday, September 2, 2026
HomeNEWSLatest News“රිෂාඞ් බදියුදීන්ට එරෙහි මුදල් අවභාවිත චෝදනාවට සීමා නොවී පාස්කු ඉරිදා ත්‍රස්ත...

“රිෂාඞ් බදියුදීන්ට එරෙහි මුදල් අවභාවිත චෝදනාවට සීමා නොවී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ බරපතළ චෝදනා පිළිබඳ විමර්ශන වහාම ඇරඹිය යුතුයි” – ජාතික ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

“රිෂාඞ් බදියුදීන්ට එරෙහි මුදල් අවභාවිත චෝදනාවට සීමා නොවී පාස්කු ඉරිදා 
ත්‍රස්ත ප්‍රහාරයට අදාළ බරපතළ චෝදනා පිළිබඳ විමර්ශන වහාම ඇරඹිය යුතුයි” 
– ජාතික ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහි මුදල් අවභාවිත චෝදනාවට සීමා නොවී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව විමර්ශන වහාම ඇරඹිය යුතු බව ජාතික ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි.

රිෂාඞ් බදියුදීන් මහතාට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට අනුබල දීම ඇතුළු බරපතළ චෝදනා තිබිය දී ඡන්දදායකයන් ප්‍රවාහනයට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම වැනි චෝදනාවකට අද අත්අඩංගුවට ගෙන ඇති බවත් එය හරියට ‘ස්ත්‍රියක් දූෂණයක් සිදු කොට ඇය මරා දමා නිදැල්ලේ සිටින චූදිතයකු කෙසෙල් කැනක් සොරකම් කිරීමට අත්අඩංගුවට ගැනීම‘ වැන්නක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීමට අදාළ අරමුදලක් අවභාවිත කරමින් පුත්තලමේ සිට මන්නාරමට ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීමට අදාළ චෝදනාවකට අද දිනයේ රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇතත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සහ ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට අදාළව බරපතළ චෝදනා ඔහුට එරෙහිව ඇති බව ජයන්ත සමරවීර අමාත්‍යවරයා සිහිපත් කළේය. 

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ අයකු නිදහස් කරගැනීමට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට බලපෑම් සිදු කිරීම, සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු – ඉන්ෂාෆ් අහමඞ් නැමැත්තාට අයත් බෝම්බ නිපද වූ තඹ කර්මාන්ත ශාලාවට තම විෂය පථය යටතේ  පැවැති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා විශාල වට්ටම් සහිතව තඹ අබලි ද්‍රව්‍ය ලබා දීමට එම ආයතනයේ අලෙවි අධ්‍යක්ෂට බලපෑම් කිරීම ආදිය මේ වන විට රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි සාක්ෂි ලෙස ‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති විමර්ශන කොමිසම’ හමුවේ ඉදිරිපත්ව ඇති බවත් ඉහත කරුණු 2020 ජූනි මාසයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රට හමුවේ තැබූ රිෂාඞ් බදියුදීන්ට එරෙහි සාක්ෂි බවත් ඒ මහතා වැඩිදුරටත් සිහිපත් කළේය. 

රියාජ් බදියුදීන්ට රිෂාඞ් අනුබල දුන් හැටි 

එසේම රිෂාඞ් බදියුදීන්ගේ සොයුරු රියාජ් බදියුදීන් විසින් සහරාන් නැමැති ත්‍රස්තවාදියා ඉන්දියාවට යැවීම, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම යන පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී ඇති අපරාධ සිදු කොට ඇත්තේ තම සොයුරාගේ එනම් එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ පෞද්ගලික ලේකම් ලෙස සිය බලය අයුතු ලෙස යොදා ගෙන බව ද මෙහි දී ජානිපෙ ජාතික සංවිධායකවරයා අනාවරණය කළේය. 

මෙවැනි බරපතළ ත්‍රස්තවාදී ක්‍රියා හා ඒවාට අනුබල දීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදු නොවුණු හෙයින් යහපාලන ආණ්ඩුව ගෙදර යවා, මෙරට 69 ලක්ෂයක ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ජනාධිපති ධුරයට පත් කළ බවත් ඉන් නොනැවතී තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩුවක් නිර්මාණය කර දුන් බවත් පැවසූ ජයන්ත සමරවීර මහතා ඒ බව අමතක කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිසේත්ම නොහැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය. 

ඉස්ලාම් අන්තවාදය – දෙමළ බෙදුම්වාදී අන්තවාදය

රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, හිස්බුල්ලා වැනි මුස්ලිම් නායකයන් බලයට පත්වන සෑම ආණ්ඩුවකම ඇමති ධුර දරමින් සිදු කළේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව උගසට තබමින් රාජ්‍ය බලය යොදා ගනිමින් ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීම බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ නිසා ඉස්ලාම් අන්තවාදය, දෙමළ බෙදුම්වාදී අන්තවාදය මෙන් බාහිරව නොවැඩී රාජ්‍ය අනුග්‍රහය යටතේ ශක්තිමත් වූවක් බව සිහියේ තබා ගත යුතු බවත් අද රිෂාඞ් හා හකීම්ලා තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ‘ස්වාධීන’ කරවා ආණ්ඩුව තුළට එවීමට හදන්නේ ඉහත කී අන්දමින් තම අන්තවාදී උවමනාවට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ නිසා දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ලැබී ඇති ජනවරමට පිටු නොපා කටයුතු කිරීම වත්මන් ආණ්ඩුවේ පරම වගකීමක් බව ද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. 

මෙම  මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද එක්ව සිටියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img