Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsරිෂාඩ් බන්ධනාගාරගත කෙරේ

රිෂාඩ් බන්ධනාගාරගත කෙරේ

රිෂාඩ් බන්ධනාගාරගත කෙරේ

අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
 
අද අළුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණි.

2019 ජනාධිපතිවරණ සමයේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙනයාමට ලංගම බස්රථ යොදාගැනීම මගින් මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත පසුගියදා උපදෙස් දුන්නේය.

එහෙත් අධිකරණය දැනුම් දී තිබුණේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවය.

කෙසේවෙතත් එදින සිට අද අළුයම දක්වා කාලය තුළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සැඟවී සිටි අතර ඔහු සොයාගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් යොදා තිබූණි.

අදාළ කාලය තුළ රිෂාඩ් බදියුදින් නමැති සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබලදුන් තවත් පුද්ගලයින් 6 දෙනෙකු ද අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

එම පිරිසෙන් 5දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කළ අතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම පුද්ගලයින්ද 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img