Thursday, October 29, 2026
HomeNEWSජාතික නාමල් උයන මුල් කරගනිමින් ශ්‍රී ලංකා - දකුණු කොරියා මිත්‍රත්වය තවදුරටත්...

ජාතික නාමල් උයන මුල් කරගනිමින් ශ්‍රී ලංකා – දකුණු කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ

ජාතික නාමල් උයන මුල් කරගනිමින් ශ්‍රී ලංකා – දකුණු කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ

ජාතික නාමල් උයන ඓතිහාසික පරිසර පද්ධතිය කේන්ද්‍ර කරගනිමින් දකුණු කොරියාවේ ස්වේච්ඡා සංවිධාන සහ විවිධ ආයතනවල සහයෝගීතාවයෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සහ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා වන විශේෂ මානුෂීය වැඩසටහන් ද මීට ඇතුළත් වේ. මෙම ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය, සංස්කෘතික සබඳතා මෙන්ම තාක්ෂණික හුවමාරුව ද තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන දකුණු කොරියානු නියෝජිත පිරිස අද දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වූහ.

මෙහිදී දෙරට අතර පවතින සුහදතාව සහ සහයෝගීතාව දෙපාර්ශ්වයේම ඇගයීමට ලක් වූ අතර, ඉදිරි පරිසර සංරක්ෂණ ක්‍රියාවලීන් සහ මානුෂීය වැඩසටහන් සම්බන්ධයෙන් ද වැදගත් එකඟතාවලට එළැඹිණි.

පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ නායකත්වයෙන් වසර 35කට අධික කාලයක් පුරා සුරක්ෂිත කර පෝෂණය කරන ලද ජාතික නාමල් උයන, මෙලෙස ජාත්‍යන්තර සහයෝගීතාව දිනාගැනීම මෙරට පරිසර සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img