Thursday, October 29, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත්ගෙන් කතානායකට හදිසි ලිපියක්

විපක්ෂ නායක සජිත්ගෙන් කතානායකට හදිසි ලිපියක්

2026.10.12
මාධ්‍ය නිවේදනය

දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා බන්ධනාගරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ගරු කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට ඇත.

අදාළ නිත්‍ය නියෝගයේ සංශෝධනය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ එම නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ සියලු පාර්ශවයන් කමිටුවට කැඳවන ලෙස ලිපිය මගින් ඉල්ලා ඇත.

ජාතික වැදගත්කමකින් යුතු මෙවන් තත්ත්වයකදී ව්‍යවස්ථාදායකයේ සක්‍රීය දායකත්වය සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධානය කෙරේ.

මාධ්‍ය අංශය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img