Saturday, September 26, 2026
HomeNEWSජාතික වෙසක් උත්සව සමරු මුද්දර ත්‍රිත්වය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

ජාතික වෙසක් උත්සව සමරු මුද්දර ත්‍රිත්වය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ත්‍රිත්වය, මුල්දින කවරය සහ සිහිවටන
පත්‍රිකාව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද (12) දින අරලියග මන්දිරයේ දී ගරු
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.
මෙවර ජාතික වෙසක් උත්සවය උතුරු පළාතේ පිහිටි ඓතිහාසික නාගදීප රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර
කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබිණි.
ඒ අනුව මෙවර ජාතික වෙසක් උත්සවයේ සමරු මුද්දර සඳහා ඓතිහාසික වටිනාකමකින් යුතු උතුරු හා
නැගෙනහිර පළාත් වල බෞද්ධ සිද්ධස්ථාන වල චිත්‍ර යොදාගෙන තිබේ.
වව්නියාව සපුමල්ගස්කඩ විහාරය, යාපනය කදුරුගොඩ විහාරය සහ වව්නියාව මඩුකන්ද දළදා විහාරයේ
කේන්ද්‍ර කර ගනිමින් මුද්දර නිර්මාණ ශිල්පී පාලිත ගුණසිංහ මහතා මෙම සමරු මුද්දර නිර්මාණය කර
තිබේ.
රුපියල් දහය, රුපියල් පහළොව සහ රුපියල් හතළිස් පහ මුදල් වටිනාකමින් යුතු මුද්දර තුනක් මෙහි දී නිකුත්
විය.
මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා
සංඝරත්නය, අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි
සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන,
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බුද්ධශාසන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ චම්පිකා
කනේරු, තැපැල්පති රංජිත් ආරියරත්න, නියොජ්‍ය තැපැල්පති රාජිත කේ.රණසිංහ යන මහත්ම මහත්මීන්
ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය නිවේදන අංක – 402
2021.05.12

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img