Saturday, November 14, 2026
HomeNEWSජාතියකට අලුතින් කල්පනා කරන්න අවස්ථාව සලසන්නේත් සාහිත්‍යයයි-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන .

ජාතියකට අලුතින් කල්පනා කරන්න අවස්ථාව සලසන්නේත් සාහිත්‍යයයි-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන .


• ජාතියක් ජීවත් කරන්නේත්, ජාතියකට අලුතින් කල්පනා කරන්න අවස්ථාව සලසන්නේත් සාහිත්‍යයයි…
• තවමත් අපේ රටේ අධ්‍යාපනය හැරයන දරුවන්ට ශිල්පීය ඥානය ලබාදීම හරි හැටි සිද්ධ වෙන්නේ නෑ…

  • අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
    අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ‘ අරලියගහ මන්දිර සංකථන මණ්ඩපය’ මෙවර වෙන් වූයේ ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම පරිපාලන නිලධාරියෙක් වූ ආචාර්ය ලීල් ගුණසේකරයන්ගේ සාහිත්‍ය භූමිකාව වෙනුවෙනි. මෙහිදී ඔහු විසින් රචිත පෙත්සම නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ද (The Petition) නමින් ජනගත විය.
    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
    ලීල් ගුණසේකරයන් අප රටේ නොනවතින සම්පත් ගංගාවට තවත් වටිනාකම් කරන්නෙක්. සාහිත්‍ය ජාතියක් ජීවත් කරවනවා. සාහිත්‍ය ජාතියකට අලුතින් කල්පනා කරන්න දෙනවා. ඒ සඳහා විවිධ අවස්ථාවල ප්‍රවිෂ්ඨ වන ඔබ ඉතා දිගු කාලයක් තිස්සේ සුවිසල් මෙහෙයක් ඉෂ්ඨ කලා.
    “පෙත්සම, කෘතිය පරම්පරා ගණනාවක් හරහා තවමත් ජීවමාන චරිත දකින්න ලැබෙන කෘතියක්. ඒ තුළින් අපේ රටේ ජනයාගේ සරළ බව අවබෝධ කරගන්න පුළුවන්. අපේ රටේ බස, ජීවන රටාව, ජාතියක කොදුනාරටිය පවත්වා ගෙන ගිය හැටි පෙන්වා දෙනවා.
    ලීල් ගුණසේකර කියන්නෙ රාජ්‍ය සේවාවට වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්වුණු මූලාරම්භකයෙක්. ඔහු රාජ්‍ය නිලධාරියෙක් ව සිටියදීම බණ්ඩාරණායක අග්‍රාමාත්‍යතුමිය ඔහු පොලිස්පති ලෙස පත් කළා. ගමේ ගැමිකම අගයමින් දිසාපති තනතුරක් දරමින් සිටි ලීල් ගුණසේකර ශූරීන් ඉතා ගැඹුරු වගකීමක් සහිත පොලිස්පති ධූරයට පත් කිරීම මොන තරම් රසවත්ද. සාහිත්‍ය සේවාවේ වගේම රාජ්‍ය සේවාවේ බොහොම විශ්වාසවන්ත පුද්ගලයෙක්. නිහතමානී මනසක් තුබුණ නිසා වෙන්නට ඇති ඔබ එවැනි තනතුරකට පත් කළේ.
    වර්ථමානයේ බොහෝ අවස්ථාවල පොලිස්පති ධුරය ගැන කථා වෙනවා. මාධ්‍ය තුළ ඒ කාලයේත් එවැනිම කථා බහක් ඇති වෙලා තිබෙනවා. ඔබ පත්වන්නට පෙරත්, පසුවත්. ඒ හැම අවස්ථාවකම ඔබ අත් නොහල දේ තමයි සාහිත්‍ය. ඒ තුලින් ඔබ මිනිස් සමාජයට මනුෂ්‍යත්වය දායාද කරන්න කටයුතු කළා. ඔබ මේ රටේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් කළයුතු ක්‍රමවේදයන් පිළිබඳ සැකසූ වාර්ථාවක්, මම විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ දකින්නට ලැබුණා. විශේෂයෙන් ග්‍රාමීය දරුවන් අධ්‍යාපනය හැරයන විට ශිල්පීය ඥාණයෙන් ශක්තිමත් කිරීම පිළිබඳ එම වාර්ථාවේ එක් පරිච්ඡේදයක සඳහන් කර තිබුණා. තවමත් අපේ රටේ අධ්‍යාපනය හැරයන දරුවන්ට ශිල්පීය ඥානය ලබාදීම හරිහැටි සිද්ධ වෙන්නේ නෑ.
    මෙහිදී අදහස් දැක් වූ සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා මහතා,
    අපේ ලීල් ගුණසේකර මහතාගේ විශේෂත්වය තමයි එතුමා තුළ ඇති ඓතිහාසික සහ ස්ථානික විඥාණය. ලේඛකයෙක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කරන්න එතුමාට ඒ අවස්ථාව ලබා දුන්නේ සමාජය විසින්ම යන්න මා විශ්වාස කරන කාරණයක්. දිසාපතිවරයෙක් ලෙස එතුමා ලද අත්දැකීම් ඒ සාහිත්‍ය කෘති නිර්මාණය සඳහා බෙහෙවින් දායක වුණා. ජන දිවියේ හැඩීම්, වැලපීම් සහ හැගීම් ඔහු පෙත්සමට නැගුවා. එතුමා නුවර කලා වියේ ජන ජීවිතය, හතර කෝරලේ ජන ජීවිතය පිලිබඳ කෘති හරහා ඉදිරිපත් කළා.
    මෙහිදී අදහස් දැක්වූ කතුවර ලීල් ගුණසේකර මහතා.
    මට ඉතාම සන්තෝෂයි අද පළමු වරට ඉංග්‍රිසියෙන් නව කථාවක් ලියලා අග්‍රාමාත්‍යතමාගේ පූර්න අනුග්‍රහය යටතේ එළි දක්වන්න ලැබීම ගැන. පෙත්සම නවකථාවට 1962 රාජ්‍ය ගෞරව සම්මානය ලැබුණා. සරත්චන්ද්‍රයන් ගේ මනමේ නාට්‍ය බලපු මළලසේකරයන් කිව්වා සරත් වැඩේ පන්කාදුයි කියලා එදා මම හිතා ගත්තා මමත් පංකාදු වැඩක් කරන්න ඕන කියලා. මේ පොත පැරණි සාහිතයත් නුතන සාහිත්‍යත් ඇතුලත්ව මම ලබපු ආභාෂය පිට කරපු පොතක්.
    ගැටහැත්තේ සෝභිත හිමි, කිරම විමලජෝති හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂමේ සභාපති කුමාර නඩේෂන්, ජේෂ්ඨ විශ්‍රාමික සිවිල් නිලධාරී ජොලී සෝමසුන්දරම්, සරසවි අධිපති එච්. ඩී ප්‍රේමසිරි, කලාකරුවන්, විද්වතුන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img