කොළඹ – ගාල්ල ප්රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබු මොටර් රථයේ රියදුරු සහ එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී රියදුරු සහ එක් පුද්ගලයෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි පරගහතොට සහ වඩුමුල්ල යන ප්රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර නෙරියකුලම – නෙළුක්කුලම මාර්ගයේ උළුක්කුලම ප්රදේශයේ දී යතුරු පැදියක් ලොරි රථයකට ඉස්සර කර යෑමට උත්සහ දැරීමේ දී විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 16 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර මහනුවර – කුරුණෑගල ප්රධාන මාර්ගයේ සෙනරත්ගම ප්රදේශයේදී ත්රීරෝද රථයක් මාර්ය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී වැරැල්ලගම ප්රදේශයේ පදිංචි 54 කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර කුරුණෑගල – හලාවත මාර්ගයේ මුන්නේෂ්වරම් ප්රදේශයේ දී ලොරි රථයක විරුද්ධ දිසාවෙන් පැමිණි ත්රී රොද රථයක් ගැටී සිදුවූ අනතුරකින් 60 හැවිරිදි පුද්ගලයෙතු ජීවිතක්ෂයට පත්ව ඇත.
මොනරාගල වෙහෙරගල මාර්ගයේ බෝපිටිය ප්රදේශයේ දී ද යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී සිදුවූ අනතුරකින් 70 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.
මේ අතර කන්තලේ – ත්රිකුණාමලය මාර්ගයේ 91 ප්රදේශයේදී කන්තලේ දෙස සිට ත්රිකුණාමලය දෙසට ධාවනයවූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.






















