Thursday, November 12, 2026
HomeNEWSNMRA දත්ත මැකීම - මෘදුකාංග ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

NMRA දත්ත මැකීම – මෘදුකාංග ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී .රාගල මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥ ජයනී වෑගොඩපොළ මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු අත්අඩංගුවටගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ලැප්ටොප් දෙකක්, ටැබ් යන්ත්‍රයක්, ජංගම දුරකථන තුනක් සහ දත්ත බහලුම් දෙකක් අත්අඩංගුවටගත් බව සඳහන් කළේය.

එම උපකරණ සියල්ල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාරය වෙත යොමුකර විමර්ශනයක් සිදුකොට වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරිය ඉල්ලීම් කළාය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළේය.

එමෙන්ම රිමාන්ඩ් භාරයට පත්කර සිටින එම සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා මේ  මස 21 වනදා සිට 23 වනදා අතර කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළාය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉඩදෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේ එම ඉල්ලීම ලිඛිතව ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

අනතුරුව තමන්ගේ ස්ථාවරය අධිකරණයට ලිඛිතව ඉදිරිපත් කරන බව රජයේ නිතිඥවරිය සඳහන් කළාය.

අනතුරුව නඩුව ලබන 25 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එතක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img