Friday, September 11, 2026
HomeNEWSජීවිත හතකට පණ දී විහඟනා සඳහටම නික්ම යයි

ජීවිත හතකට පණ දී විහඟනා සඳහටම නික්ම යයි

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත්වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵලයකි.

නමුත් මේ කතාව විශේෂ වන්නේ එක් පුද්ගලයෙකුගෙන් ලබාගත් හදවතක් සහ පෙනහළු දෙකක් එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම නිසාවෙනි.

මොළය මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් අවයව කොටස් දෙකක් අසාධ්‍ය තත්ත්වයේ පසුවු රෝගියෙකුට බද්ධ කර නැවත ජීවිතය ලබාදුන් එම සුවිශේෂී සැත්කම පසුගිය දා කොළඹ ජාතික රෝහලේ දී සිදුකෙරිණි.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටිය දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දැරියගේ හදවත සහ පෙනහළු එලෙස බද්ද කෙරුණි.

ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු එලෙසම බද්ධ කෙරුණු ලැබුවේ හෘදය හා පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම තවත් විශේෂත්වයක් වේ.

විහඟනාගේ සිරුරෙන් අවයව ලබාගන්නා අවස්ථාවේ දී පාය භාගයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණ ද එය බාධාවක් කර නොගත් වෛද්‍යවරු ඉතා සාර්ථකව එම කාර්ය සිදුකර තිබුණි.

මීට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබේ.

ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව අනාවරණය වුණි.

මේ අතර දැරියගෙන් ලබාගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබේ.

මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5ක් පුද්ගලයින් 7දෙනෙකුට තවත් බොහෝ කලක් නිරෝගිව ජීවත්වීමට මහෝපකාරී වී ඇත.

විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවේ.

විහඟනා වීරසිංහ අඹන්පොල නගරයෙ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවාය.

ඇයට වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක් සිටී. 

විහඟනා උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් වන අතර ඇයගේ  සහෝදරිය මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.

පසුගියදා අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයට දායකවී නිවසට පැමිණි විහඟනාට හදිසියේ ඇති වූ හිසේ අමාරුවක් හා වමනය හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වුණි.

ඒ අනුව පසුගිය 17 වනදා විහඟනාව ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කෙරුණි.

පසුව ඇයගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දීම මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බව පැවසේ.

කෙසේවෙතත් සියලුදෙනා හඬවමින් විහඟනා ඇගේ ජීවිතයට සමුදුන්නේ තවත් කිහිපදෙනෙකුට නිරෝගීව දිගු කලක් ජීවිත්වීමේ අපේක්ෂාව ඉතුරු කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img