Thursday, November 12, 2026
HomeNEWSජීවිත 8ක් බිලිගත් මාරක අනතුරු

ජීවිත 8ක් බිලිගත් මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් නාවික හමුදා සෙබළෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.

විහාරහේන – දෙනියාය මාර්ගයේ රෝහල අසලදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් බෝක්කුවක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි මාකොළ නාවික හමුදා කඳවුරේ සේවයේ නිරතව සිට ඇති නාවික හමුදා සෙබලෙකි.

මේ අතර මාතලේ – මහනුවර මාර්ගයේ වරකාමුර ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් සිදුවු අනතුරකින් එම රථයේ රියදුරු මියගොස් තිබේ.

මේ අතර රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ පාතගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

නවතා තිබු ලොරි රථයක ධාවනය වෙමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ධාවනය වෙමින් තිබු ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේ 126 කිලෝමීටර් කණුව අසලදී ද නවතා තිබු ලොරි රථයක ධාවනය වෙමින් තිබු වෑන් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් අදාළ වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මේ අතර මාතර – හක්මන මාර්ගයේ තිහගොඩ ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් යතුරුපැදියක සහ පදික කාන්තාවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු 55 හැවිරිදි ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වරකාපොළ – කරවනැල්ල මාර්ගයේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක ගැටීමෙන් පදික කාන්තාවක් මියගොස් තිබේ.

මේ අතර පානදුර – රත්නපුර මාර්ගයේ ඕලුවිල ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 75 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

නෙල්ලිඅඩි – පේදුරුතුඩුව මාර්ගයේ පේදුරුතුඩුව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img