Thursday, November 12, 2026
HomeNEWSපොහොර ගෙන්වීම සම්බන්ධයෙන් ජනපති සමග විශේෂ සාකච්ඡාවක්

පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් ජනපති සමග විශේෂ සාකච්ඡාවක්

පොහොර නැවත ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (22) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තුන සහ හතරවන කාණ්ඩවල අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීම පිළිබඳව එහිදි සාකච්ඡා කරන බවය.

මේ අතර කඩිනමින් තමන්ට රසායනික පොහොර ලබාදෙන්නේ නම් වගාවන් යළි ආරම්භ කළ හැකි බව ගොවීන් පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවි මහතෙකු පවසා සිටියේ, “දැන් කොහෙන් හරි යූරියා ගෙන්වීමට කොහොමහරි වැඩසටහන ඇවිල්ලා තියෙනවා. ඒ යූරියා ගෙන්වනවානම් දන් මේ වෙන කොට අපිට 5 වෙනිදා 10 වෙනිදා වගේ වතුර දුන්නා. අපිට තම මේ මාසේ අන්තිම විතරයි වතුර හම්බෙන්නේ. ඒත් 50%ක් කුඹුරු තාම වැඩ පටන් අරගෙන නැහැ. සාමාන්‍යයෙන් කුඹුරක් අඩුම තරමේ බිම් හිය හාලා ඒ ටික ඉවරකරලා මාසයක්වත් අඩුම යන්නට ඕනේ ඊට පස්සේ වපුරලා. පළවෙනි සතියේ තෙල් ටික ගහනවා. ඊළඟ සතියේ පොහොර ටික ගහනවා. ඒ කියන්නේ අඩුම තරමේ එන මාසේ 10 වනදා වෙන්නට කලින් මේ කියන යූරියා ටික ලැබෙන්න ඕනේ. එහෙම නැතිනම් කුඹුරු කරන එකේ තේරුමක් නැහැ.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img