Saturday, November 7, 2026
HomeNEWSජෙරොම් ප්‍රනාන්දුට අයිසීසීපිආර් පනත යටතේ නඩු පැවරිය යුතුයි.

ජෙරොම් ප්‍රනාන්දුට අයිසීසීපිආර් පනත යටතේ නඩු පැවරිය යුතුයි.

බුදු දහමට, හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පැවරිය යුතු අතර ජෙරොම් ප්‍රනාන්දු දේවගැති වරයා ආගමික වෛරය පතුරවන විට ඊට අනුබල දුන් ඔහුගේ අනුගාමිකයින් ද එම පනත යටතේ වරදකරුවන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.05.17) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

බුදු දහමට වගේම හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඇත්තටම අපහාස කලේ ඔය මොනම ආගමටවත් වඩා කිතුනු දහමටයි. කුරුසයක් එල්ලා ගෙන කිතුනු දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටිමින් අනිත් ආගම් වලට අපහාස කිරීමෙන් ඒ අපහාසය වඩාත්ම සිදු වන්නේ කිතුනු දහමටයි. ඒ වගේම ඔහු දේශන පවත්වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන්. ඔහුගේ වචනවල අර්ථ නිරූපනයෙන් පෙනී යනවා ඉංහ්‍රීසි භාෂාව පිළිබද මෙලෝ හසරක අවබෝධයක්ද නොමැති බව. ඒ නිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බෞද්ධයින් හින්දු ඉස්ලාම් කතෝලික බැතිමතුන් වගේම ආගමික සහජීවනය අගයන සමස්ත ජාතියට අපි ආයාචනා කරනවා.

ආගමික ගැටුම් ඇති කිරීමට උත්සහ දරණ අයට දඬුවම් කිරීමට 2007 දක්වා අපට තිබුණේ දණ්ඩ නීති සංග්‍රහය පමණයි. නමුත් අයිසිසිපිආර් පනත ලෙස හැඳින්වෙන 2007 අංක 56 දරණ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත අනුව මෙය මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි ඉතාම බරපතල වරදක්. මහාධිකරණ විනිසුරුවරයෙකු වුවත් ඇප ලබා දිය යුත්තේ සුවිශේෂි කරුණු මත පමණයි. ඒ වගේම මෙවැනි නඩුවක් උසාවියකට ඉදිරිපත් කළාම අනෙකුත් නඩු පසෙක තබා ප්‍රමුඛතා පදනමින් මේ නඩුව විභාග කළ යුතුයි කියා පනතේ තිබෙනවා.

පනතේ 3(1) වගන්තිය අනුව එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කෙරෙන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළෙඹවීම වරදක්. අන්න ඒ බරපතල වරද තමයි ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකර ඇත්තේ. ඒ සඳහා වසර 10ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකියි. ආගමික සහජීවනය අගය කරන දේශපාලන පක්ෂයක් විධියට අපි මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කලා. ඒ නිසා නොපමාව ඔහුට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පවරන්න කියා අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

මැයි 21 පැවැත්වෙන ජෙරම්ගේ රැස්වීම තහනම් කළ යුතුයි

මේ වගන්තිය අනුව ආගමික වෛරය සඳහා පෙළෙඹවීම වරදක්. ජෙරොම්ගේ ඩෝම් එකේ සිටින පිරිසගේ ප්‍රතිචාරය බලන්න. අන් ආගම් වලට අපහාස කරන විට මහ හඬින් සිනාසෙනවා. නැගිටලා අත්පුඩි ගහනවා. ඒ කියන්නේ ජෙරොම්ගේ ආගමික වෛරය පතුරන්න මේ අය පොළොඹවනවා. එහෙම නම් ජෙරොම් අනුගාමිකයින් ආගමික වෛරයට පොළොඹවනවා. ඒ වගේම අනුගාමිකයින් ජෙරොම්ව දිරිමත් කරමින් පොළොඹවනවා. එහෙම නම් මේ අනුගාමිකයින් ද අයිසිසිපිආර් පනත අනුව වරදක් කරලා තිබෙනවා. ඔය අතරේ ජොරොම් ප්‍රනාන්දු තමන්ගේ අනුගාමිකයින්ට ලබන 21 වන ඉරිදා දේව මෙහෙය කියන රැස්වීම පවත්වන බවටත් පවුල් පිටින් ඩෝම් එකට එන්න කියා සමාජ්‍ය මාධ්‍ය හරහා දැනුම් දීමක් කර තිබෙනවා. මේ ආගමික වෛරය පතුරන ජෙරොම්ට තව තවත් රැස්වීම් පවත්වන්න අවස්ථාව දුන්නොත් රටම ගිනි ගොඩක් ලේ විලක් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඉරිදාට ජෙරොම්ගේ රැස්වීමක් පැවැත්වෙනවා නම් ඊට එරෙහිව අපිට, මේ රටේ සාමය අගය කරණ ජනතාවට උද්ඝෝෂණ කරන්න සිදුවෙනවා. ඒ නිසා උසාවි නියෝගයක් ලබා ගෙන වහාම මේ රැස්වීම තහනම් කරන මෙන් අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා.

අපි බෞද්ධයින් වුවත් පුංචි කාලේ ඉඳන් නත්තල් සීයා තෑගි දෙනකම් බලන් හිටියා. අද බෞද්ධ පරිසරයේ හැදී වැඩෙන මගේ දරුවොත් එහෙමයි. අපි බෞද්ධ වුවත් නත්තලට ගෙදර නත්තල් ගහ හදනවා. අපි බෞද්ධ වුවත් ගව ලෙන හදනවා. කොච්චිකඩේ පල්ලියට නොගියපු බෞද්ධයෙක් මේ කොළඹ නැති තරම්. මේ තමයි අපේ රටේ සුන්දරත්වය. මේ තමයි සොඳුරු විවිදත්වය.

අපිත් ශුද්ධ වූ බයිබලය යම් තාක් දුරකට හදාරලා තියෙනවා. හදාරනවා. මා ශුද්ධ වූ බයිබලය පිළිබඳව විද්වතෙක් නොවන හෙයින් නිවැරදි කිරීමට යටත්ව ශුද්ධ වූ බයිබලයෙන් සොයා ගත් යමක් ඔබ වෙත තබන්නම්.

උපුටා ගැනීම:

Jeremiah 29

King James Version

  1. For thus saith the Lord of hosts, the God of Israel; Let not your prophets and your diviners, that be in the midst of you, deceive you, neither hearken to your dreams which ye cause to be dreamed.
  2. For they prophesy falsely unto you in my name: I have not sent them, saith the Lord.

ශුද්ධ වූ බයිබලයේ යෙරමියා 29 වැනි පරිච්ඡේදය

  1. නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා දකින නුඹලාගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න.
  2. මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති. මම ඔවුන් නො එවුවෙමියි ස්වාමීන්වහන්සේ කියන සේක.

උපුටා ගැනීම අවසන්.

ආගම් ව්‍යාපාර කරගත්ත මිනිස්සුන්ට ඔබේ අසරණකම හේතුවක් කරගෙන රැවටෙන්න එපා. සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් කියන දේවගැතිවරයා තමයි ජෙරම්ගේ ගුරා. ඔහු ජාත්‍යන්තර රන් ජාවාරම් වල යෙදෙමින් සහ මුදල් විශුද්ධිකරණයේ යෙදෙන අයුරු මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය වල අනාවරණය වෙමින් පවතිනවා. ජෙරම්ගේ ආරාධනයෙන් ඔහු ලංකාවටත් පැමිණියා. මේ රටේ සමහර ප්‍රසිද්ධ නායකයන් පවා දෙන්නත් එක්ක ගිහිල්ල මුණ ගැහුනා. මේ නායකයෝ බබාලාද? මොවුන්ගේ පස්සෙන් යන ක්‍රිකට් තරු බබ්බුද?

අපි යෝජනා කරනවා සර්ව ආගමික සමුළුවක් කැඳවන්න කියලා. අපි 2017 මේ රටේ ආගමික පිපිරීමක් ගැන අනතුරු හඟවනු ලැබුවා. 2019 පාස්කු ප්‍රහාරය අපේ ඉතිහාසයේ අමිහිරි අත්දැකීමක්. එවැනි අත්දැකීම් නැවත මේ රටට අවශ්‍ය නැහැ. මේ වතාවේවත් සර්ව ආගමික සමුළුවක් කැඳවලා වරින් වර මතුවෙන මෙවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව පියවර ගනා ලෙස අපි ජනාධිපතිවරයාට දැනුම් දෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා සඳහා පිවිතුරු හෙළ උරුමය නායකයා විසින් මෙසේ අදහස් දැක්වීය

ප්‍රශ්නය

මෙම දේවගැතිවරයා මේ වන විට රටින් පිටවී තියෙනවා නේද ?

පිළිතුර

ඔහු ප්‍රකාශ කර තියෙනවා ලබන ඉරිදා එන බව. ඒ වගේම පවුල් පිටින් ඔහුගේ රැස්වීම් ශාලාවට එන්න කියලා. ගුවන්තොටුපලේදීම ඔහු අත්අඩංගුවට ගත යුතුයි. ඔහුගේ රැස්වීම තහනම් කළ යුතුයි. නැතිනම් ආගමික ගැටුමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අයිසිසිපිආර් පනත යටතේ ඇප ගන්න බැහැ. ඔහු කියන විදියට ඔහු හාස්කම් කරන කෙනෙක් නිසා ඔහු බය නැතුව ලංකාවට ඇවිල්ලා අයිසිසිපිආර් පනත යටතේ උසාවියට මුහුණ දීලා තමන්ගේ හාස්කම් පෙන්නාවි කියලා බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද ?

පිළිතුර

ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ඊට පෙර පැවැත්වීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතුයි. ව්‍යවස්ථා සංශෝධනය කර ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරාතුව කල් දමා ඇති පුංචි ඡන්ද පැවැත්වීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සහ පත්කිරීම සම්බන්ධයෙන් ඔබ තුමාගේ අදහස කුමක්ද ?

පිළිතුර

ව්‍යවස්ථානුකූලව නම් ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් අලුතින් පත් කරන්න බලය තියෙනවා. පළාත් සභාවකින් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ආන්ඩුකාරවරයා ඉවත් කළ හැකියි. නමුත් එහෙම විශ්වාස භංග යෝජනා ගේනන පළාත් සභාව දැන් නැහැ. දැන් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමට ඇති එකම ක්‍රමය ජනාධිපතිවරයා ගේ ප්‍රසාදය ඔවුන් කෙරෙහි නොමැති වීමයි. තෝරාගත් ආණ්ඩුකාරවරුන් තිදෙනකුට විතරක් ජනාධිපතිතුමාගේ ප්‍රසාදය නොමැති වූයේ ඇයි. එය ජනාධිපති වරයා විසින් රටට කිව යුතුයි. ජනාධිපතිවරයා ජනවරමකින් පත්වී නැහැ. ඔහු පත්ව තිබෙන්නේ ගෝඨාභය ජනාධිපති වරයාගේ ජනවරම ඉදිරියට ගෙන යන්න. ඒ අනුව ගෝඨාභය ජනාධිපතිවරයාගේ ජනවරම නියෝජනය කරන එම ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම නීතියට කෙසේ වෙතත් ජනවරමට පටහැනියි.

මෙම අවස්ථාව සදහා පිවිතුරු හෙළ උරුමය දෙහිවල සංවිධායක අජන්ත ද සිල්වා මහතා ද එක්විය.

Pastor Jerome Fernando shall be prosecuted under ICCPR Act

Pastor Jerome has not only insulted Buddhism, Hinduism and Islam but also Christianity. When he insults religions appearing as a Christian pastor, he harms Christianity more than any other religion.

Until 2007, we had only the Penal Code to punish the culprits who spread religious hatred. We now have International Covenant on Political and Civil Rights Act No 56 of 2007 which is popularly known as ICCPR Act. Under Section 3 of this Act, no person shall propagate or advocate national, racial or religious hatred that constitutes incitement to discrimination, hostility or violence. Therefore, the so-called Prophet Jerome has committed a grave offence under the ICCPR Act.

Magistrates can’t grant bail for this offence. Even High Court judges can grant bail only on exceptional circumstances. Further, when there is a case under the ICCPR Act, the Court shall prioritize it over the rest of the cases. Therefore, we urge the Police to institute legal action under the ICCPR Act.

Jerome’s gathering of 21st May shall be banned.

Interestingly, the audience of Jerome has encouraged him to insult the other religions by cheering, clapping and laughing. In fact, the entire audience has committed an offence under the ICCPR Act. Meanwhile, Jerome has invited his followers to come to his so-called church with their families on Sunday 21st May. In this backdrop, Police must ban this gathering as it is a gathering to advocate religious hatred. Unless Police takes prompt action, we, peace loving people, will have to stage a protest in front of his so called church on coming Sunday.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img