Saturday, November 7, 2026
HomeNEWSණය ප්‍රතිව්‍යූහගත කිරීමක් ගැන කියමින් ආණ්ඩුව නැවතත් ජනතාව අන්දවමින් සිටිනවා - විපක්ෂ...

ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් ගැන කියමින් ආණ්ඩුව නැවතත් ජනතාව අන්දවමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

දේශීය ණය සඳහා ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොවන අතර සිදු වන්නේ ප්‍රශස්තකරණයක් බවත් ඒ අනුව වර්තමාන රජය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ වචන හරබයක නිරතව සිටින බවත් ඔවුන් මේ රටේ ජනතාවගේ ඇස් වසා බොරු කර ජනතාව රැවැට්ටවීමක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට සහ රටට විවෘත කරන ලෙස තමා ඇතුළු පිරිස පැවසූ බවත් එවැනි ගිවිසුමකට යෑමට පෙර සෑම දේශපාලන පාර්ශ්වයන් සමගම සාකච්ඡා කර තිරසාර ස්ථීර විසඳුමක් ලබා ගැනීම සිදු විය යුතු වුවත් අප රටේ පාලකයන් සිදු කර ඇත්තේ ප්‍රමාද වී අයි.එම්.එෆ් එකට ගොස් අසාර්ථකම සාකච්ඡාවක සහ ගිවිසුමකට එළැඹීම බවත් එහි ඵලවිපාක මේ වන විට ජනතාව බුක්ති විඳිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු සාකච්ඡාවක් හා හොඳ ගිවිසුමකට එළඹෙන ලෙස අවස්ථා ගණනාවක දි සමගි ජන බලවේගය ප්‍රකාශ කළත් ඒ කිසිවක් වත්මන් රජය ගණන් නොගත් බවත් ඔවුන් හොඳටම කරනවා යැයි පුරසාරම් දොඩවමින් කටයුතු කළ බවත් එහි අහිතකර ප්‍රතිවිපාක ජනතාවට අත්විදීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (18) ලංකාවේ බැංකු පද්ධතිය නියෝජනය කරන සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරිම ක්‍රියාත්මක කළොත් ආර්ථිකය, බැංකු පද්ධතිය හා ලක්ෂ 220ම තවත් අසරණ වී රට විනාශ වන බවත් මෙය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය විසින් ජනතාවට විවිධ ඇස්බැන්දුම් ඉදිරිපත් කරමින් මේ ආකාරයෙන් කටයුතු කළහොත් පාර්ලිමේන්තුවේ බහුතයක් නොමැති වුවත් ජන බලයක් යටතේ නැගී සිටින බවත් පැවසීය.

NEWS CLIP ? https://youtu.be/9bfaNdz0MGo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img