ශ්රමදාන කටයුත්තක් සඳහා පුද්ගලයින් 21 දෙනෙකු රැගෙන ගිය ට්රැක්ටර් රථයක් පෙරළී අද (20) අනතුරක් සිදුවී තිබේ.
ඉන් පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර කාන්තාවන් තිදෙනෙක් මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.
මූතුර් පච්චනූර් 64 කණුව පිහිටි කොට්ටියාරම්මූල රජමහා විහාරයේ ශ්රමදාන කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් මෙම අනතුරට ලක්වී තිබේ.
තුවාල ලැබු පිරිස මූතුර් රෝහලට ඇතුළත් කර ඇත.






















