Sunday, November 8, 2026
HomeNEWSහිරුණිකා CIDයට

හිරුණිකා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය.

ඒ අනුව අද පෙරවරු 11ට පමණ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

ඒ එම දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ,

“විමර්ශනය මොකක්ද කියලා සඳහන් කරලා නැහැ. අරගලයට තමයි. වෙන මොකටද?. අරගලයට පිං සිද්ධ වෙන්න ජනාධිපති වුණා. දැන් අරගලයට සම්බන්ධ වෙච්ච හැම කෙනාවම මොන මොනවා හරි දාලා ඇතුළට අරගෙන ඇවිල්ලා ප්‍රශ්න කරනවා. අරගලයෙන් කරදරයක් වුණා නම් වුණේ රාජපක්ෂවරුන්ට. ඔවුන්ට දේශපාලනයෙන් අයින් වෙන්න සිද්ධ වුණා. වාසියක් වුණා නම් වුණේ රනිල් ට. ලංකාවට එතෙක් මෙතෙක් බිහිවුණු සියලුම රාජපක්ෂවරුන්ට වඩා.. සියලුම ජනාධිපතිවරුන්ට වඩා ඒකාධිපති ම පාලකයා තමයි මේ රනිල් රාජපක්ෂ. ඒක ඉතිහාසගත වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img