Sunday, November 8, 2026
HomeNEWSළමා සංවර්ධන මධ්‍යස්ථාන නඩත්තු කිරීමත් අභියෝගයක් වෙයි

ළමා සංවර්ධන මධ්‍යස්ථාන නඩත්තු කිරීමත් අභියෝගයක් වෙයි

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන් නඩත්තු කිරීම සඳහා රජය ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (19) කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ඇතැම් පළාත් සභාවලින් ළමුන් සඳහා දිනකට ලබාදෙන්නේ රුපියල් 20ක් බවය.

2021 වනවිට මෙරට ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන 369ක  ළමුන් 8,727ක් රැකවරණය ලබන බව වාර්තාවල සඳහන් විය.

එම ආයතන අධීක්ෂණය කරන්නේ පළාත් පරිවාස හා ළමාආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් විසිනි.

ළමා සංවර්ධන මධ්‍යස්ථාන අතළොස්සක් රජයෙන් පාලනය වන අතර අතිමහත් ප්‍රමාණයක් ස්වෙච්ඡා සංවිධානවලින් පාලනය වෙයි.

නමුත්, කනගාටුවට කරුණ නම් මේ වනවිටත් ඇතැම් පළාත් සභාවලින එක් ළමයෙකුට නඩත්තු ආධාර ලෙස දෛනිකව ගෙවනු ලබන්නේ රුපියල් 20ක මුදලක්වීමට.

එමෙන්ම පරිවාස භාරයට පත්වූ ළමුන් අධිකරණ කටයුතුවලට රැගෙන යාමේදී පරිවාස නිලධාරීන් දැඩි අපහසුතාවයන්ටද මුහුණදී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img