Wednesday, November 11, 2026
HomeNEWSතත්ත්වයෙන් බාල ඔක්සිමීටර් වෙළෙඳාම්කරන ස්ථාන සොයා වැටලීම්

තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් වෙළෙඳාම්කරන ස්ථාන සොයා වැටලීම්

තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි දකුණු පළාත් ආහාර හා ඖෂධ පරික්ෂක කේ. එච්. ජයරත්න මහතා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙම වැටලීම් ආරම්භකළ බවය.

ඒ අනුව ඊයේ (28) සිදුකළ වැටලීම්වලදී තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගත් බව ඔහු පැවසුවේය.


“ලංකාව පුරා තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් අලෙවිවෙමින් පවතින බවට විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියටත් දකුණු පළාතේ දිස්ත්‍රික් සෞඛය සේවා අධිකාරියටත් මහජන පැමිණිලි  දිනපතා විශාල වශයෙනේ ලැබෙමින් පවතිවා. එම නිසා මුල්වරට තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් සොයා බැලීමේ ව්‍යාපාරය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. ගාල්ල, කරාපිටිය, බද්දේගම, අම්බලංගොඩ වැනි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර අශ්‍රිතව අරම්භ කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සහාය මේ සඳහා ලබා ගත්තා. ඖෂධශාලා 42කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කළා. තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න ප්‍රමාණයක් සොයාගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී නීතිමය කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img