Sunday, September 13, 2026
HomeNEWSතරබාරු පුද්ගලයින් ගේ වැඩිවීමක්

තරබාරු පුද්ගලයින් ගේ වැඩිවීමක්

මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසන්නේ, බර වැඩිවීම මඟින් පසුකාලීනව බෝ නොවන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවය.

“දැනුවත් වෙමු ස්ථුලතාවයෙන් මිදෙමු” යන තේමාව යටතේ ලබන 04 වනදාට යෙදෙන ගෝලීය ස්ථුලතාවය වැළැක්වීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය එම අදහස් පළ කළාය.

“2015 දී 22.5%ක් වෙලා තිබුණා බර වැඩි සහ තරබාරු ගණයේ පුද්ගලයින් සංඛ්‍යාව පුරුෂයින් අතර. මේ ප්‍රමාණය 2021 සමීක්ෂණයට අනුව 30%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ එක්කම කාන්තාවන් අතර 2015 දී 34%ක් බර වැඩි සහ තරබාරු ගණයට වැටුණා. 2021 වනවිට 48%ක් වෙලා තියෙනවා බර වැඩි සහ තරබාරු ගණයට වැටෙන සංඛ්‍යාව. පරිභෝජනය කරන ප්‍රමාණය අපි වැයකරන ප්‍රමාණය ට වඩා වැඩිනම් ඒ වැඩි ප්‍රමාණය අපේ ශරීරයේ තැන්පත් වෙනවා තෙල් විදියට. ඒක තමා බර වැඩිවීමට බලපාන්නේ. මේය පසුකාලීනව බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම ඇති කරනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img