ගාල්ල – මාපලගම මාර්ගයේ ලබුදූව හංදියේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාපලගම සිට ගාල්ල දක්වා ගමන් කරමින් තිබු පෞද්ගලික බස් රථයකට පිටුපසින් පැමිණි යතුරුපැදියක් බස්රථය පසුකර යෑමට උත්සහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇත.
ලොරි රථය දුටු විට කලබලයට පත්ව ඇති යතුරුපැදිකරු නැවත වතාවක් බස්රථය දෙසට යතුරුපැදිය හැරවීමේ දී බස්රථයේ ගැටී බිම ඇදවැටී තිබේ.
පසුව යතුරුපැදිකරු බස්රථයට යටවී එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අනතුර අසල තිබු වෙළෙඳසැලක සීසීටීවි කැමරාවක සනිටුහන්ව ඇත.
අනතුරින් 26 හැවිරිදි අක්මීමන තලගහ ප්රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.






















