Saturday, October 24, 2026
HomeNEWSLatest Newsතරුණයෙකුගේ දිවි අහිමි කළ අනතුර -CCTV දර්ශන සහිතයි

තරුණයෙකුගේ දිවි අහිමි කළ අනතුර -CCTV දර්ශන සහිතයි

ගාල්ල – මාපලගම මාර්ගයේ ලබුදූව හංදියේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාපලගම සිට ගාල්ල දක්වා ගමන් කරමින් තිබු පෞද්ගලික බස් රථයකට පිටුපසින් පැමිණි යතුරුපැදියක් බස්රථය පසුකර යෑමට උත්සහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇත.

ලොරි රථය දුටු විට කලබලයට පත්ව ඇති යතුරුපැදිකරු නැවත වතාවක් බස්රථය දෙසට යතුරුපැදිය හැරවීමේ දී බස්රථයේ ගැටී බිම ඇදවැටී තිබේ.

පසුව යතුරුපැදිකරු බස්රථයට යටවී එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අනතුර අසල තිබු වෙළෙඳසැලක සීසීටීවි කැමරාවක සනිටුහන්ව ඇත.

අනතුරින් 26 හැවිරිදි අක්මීමන තලගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img