Saturday, November 7, 2026
HomeNEWSතරුණ හිමිනමකට බලෙන් වස පොවලා

තරුණ හිමිනමකට බලෙන් වස පොවලා

මල්වතු මහා විහාරයට අයත් මහනුවර ඓතිහාසික හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට ඊයේ (18) පෙරවරු 11ට පමණ විහාර පරිශ්‍රයේ දී බලහත්කාරයෙන් වස පොවා පැරසිටමෝල් පෙති විශාල ප්‍රමාණයක් ගිල්ලවීමෙන් බරපතළ රෝගී තත්ත්වයට පත් හිමිනම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.

එම විහාරස්ථානයට පසුගිය දින කිහිපයේදී නාඳුනන පුද්ගලයෙක් පැමිණ තිබුණි.

එම පුද්ගලයා මෙම සිද්ධියට සැක කරන බව එහි වෙසෙන ස්වාමීන් වහන්සේලා පවසති.

“ඔහු ඊයේ (18) පෙරවරුවේ විහාරස්ථානය පහළ නුග ගස අසල සිටිනු දහම් පාසලේ උගන්වමින් සිටි ධම්මරතන හිමි දැක ඒ බව මට දැනුම් දුන්නා. මම ගිහින් කවුද කියලා බලන්න ද කියලා මගෙන් ඇහුවා. ගියාට කමක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක්නම් සෝභිත පොඩි හාමුදුරුවෝ දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා. පසුව මම දළදා මාලිගාවට ගියා. එතන දී සෝභිත හිමි දුරකතනයෙන් කතා කරලා කිව්වා පොඩි හාමුදුරුවන්ට වස පොවලා හොඳටම අමාරුයි කියලා,” යනුවෙන් ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියෝ පැවසූහ.

“නුග ගස අසල සිටි පුද්ගලයා වස පානය කරන්න හදනකොට එතනින් ඉවත්ව යන ලෙස හාමුදුරුවො කියලා. එවිට ඔහු හාමුදුරුවන් පස්සෙන් පන්නාගෙන ඇවිත් ගෙලට පිහියක් තියලා වස බෝතලය පොවා ඇළට තල්ලු කොට තිබෙන බව තමයි දැන ගන්න තිබෙන්නේ. අතේ තිබුණු පැරසිටමෝල් කාඩ් පතක් ගෙන එයින් පෙති විශාල ප්‍රමාණයක්ද ඔහු පොඩි හාමුදුරුවන්ට පොවා තිබෙනවා”.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ උන්වහන්සේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පඤ්ඤාකිත්ති හිමියන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img