ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් කැමරූන් කණ්ඩායම සහ සර්බියාව අතර අද පැවැත්විණි.
ඒ අනුව මෙම කණ්ඩායම් දෙකටම මෙවර ලෝක කුසලානය පාපන්දු තරගාවලියේ ඉදිරි බලාපොරොත්තු අහිමිවී ගියේය.
එහිදී ගෝල 3ට 3ක් ලෙස තරගය ජය පැරදුමෙන් තොරව නිමවිය.
තරගයේ 29වන මිනිත්තුවේදී කැමරූන් කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට Jean-Charles සමත්විය.
කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමවන මොහොතේ ලද අතිරේක කාලයේදී ගෝල දෙකක් වාර්තා කිරීමට සර්බියාව සමත්වූයේ පාපන්දු පිටිය උණුසුම් කරමිනි.
Strahinja සහ Sergej Milinković එම ගෝල දෙක රැස්කිරීමට සමත්විය.
තරගයේ 53වන මිනිත්තුවේදී සර්බියාවට තරගයේ වැඩි බලාපොරොත්තු ගෙනදෙමින් Aleksandar Mitrović තවත් ගෝලයක් රැස්කිරීමට සමත්විය.
අනතුරුව තරගයේ 63 වන මිනිත්තුවේදී Vincent Aboubakar විසින් කැමරූන් කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා කළේය.
තරගයේ උණුසුම තවදුරටත් වැඩි කරමින් Eric Maxim තරගයේ 66 වන මිනිත්තුවේදී කැමරූන් කණ්ඩායම වෙනුවෙන් තෙවන ගෝලය වාර්තා කළේය.






















