රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 6දෙනෙකු එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
සැකකාර සිසුන් අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 7දෙනා අතරින් එක් සිසුවෙකු ඇපමත මුදාහැර ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.






















