වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙත මාරුවීම් ලබාදී තිබේ.
ඒ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසිනි.
ඒ අනුව කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. ඩබ්ලිව්. බී. ජී. ආර්. කන්දෙවත්ත මහතාව එම කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරීයා ලෙස ස්ථාන මාරුකර තිබේ.
තවද, ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිටි සහකාර පොලිස් අධිකාරී බී. එම්. එස්. බී. නවරත්න මහතාව කෑගල්ල කොට්ඨාසය වෙත මාරුකර යවා ඇත.
මේ අතර මීට පෙර, රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වනපදිරි එම ප්‍රදේශයෙන් පිටතට ස්ථානමාරු කිරීමට ද පියවර ගෙන තිබුණි.






















