Sunday, November 8, 2026
HomeNEWSරඹුක්කන සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගෙන් සංවේදී හෙළිදරව්වක්

රඹුක්කන සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගෙන් සංවේදී හෙළිදරව්වක්

පියා පොලිස් වෙඩි පහරින් මියයෑමේ සිද්ධියෙන් පසු සිය බාල දරුවා පාසල් යෑම ප්‍රතික්ෂේප කරන බව රඹුක්කන සිද්ධියෙන් මිය ගිය ලක්ෂාන්ගේ බිරිඳ පැවසුවාය.

ඇය පෙන්වා දෙන්නේ තම සැමියා මත විවිධ වැරදි පැටවීමට පොලීසිය උත්සාහ ගනිමින් සිටින බවය. 

මියගිය පුද්ගලයාගේ බිරිඳ,

“ඒ වෙඩි තියපු අයට දඬුවම් දෙන්න ඕනේ. මං එතකං සටන් කරනවා. මම මේක අතහරින්නේ නෑ. මගේ මහත්තයාටත් චෝදනා කරලා තියෙනවා.. නඩු දෙකක් තියෙනවා කියලා. එකක් එයා ගුටිකාපු එකක්. අනෙක් එක එයා නිකං සැකකරුවෙක් වෙච්ච එකක්. ඒක මෙතනට අදාළ කරගන්න ඕනේ නෑ නේ.” 

“මගේ පොඩි පුතා කියනවා.. ඉස්කෝලේ යන්න බෑ කියලා දැන්. දරු දෙන්නා තනිවෙලා..තාත්තෙක් නෑ.  මට නැති වුණේ මගේ මහත්තයා. ඒකේ වේදනාව තියෙන්නේ මට. මට ඕනේ මේකට වගකිවයුතු අයව කොහොම හරි එල්ලුම්ගස් යවන්න.”

මේ අතර එම රඹුක්කන විරෝධතාවයේ මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයෙක් ද අද සාක්ෂි ලබාදී තිබුණි.

ඔහු සඳහන් කළේ, “ඒ පැවැති උද්ඝෝෂණයේ මූලිකත්වය අරන් තිබුණේ මමයි තවත් 12ක් 13ක් වගේ පිරිසක්. ඔවුන් රඹුක්කන නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්. අපි තමයි මේක ආරම්භ කළේ.”

“රඹුක්කන ජනතාව වෙනුවෙන් මේක කළේ. ඉල්ලීම වුණේ තෙල් ලබා ගන්න.”

“බවුසරයේ ගෝලයින්ගෙන් ඇහුවා ඉන්වොයිස් එකේ පෙට්‍රල් ඩීසල් කොච්චරක් තියෙනවා ද කියලා. එයා කිව්වා පෙට්‍රල් ලීටර් 6,600යි ඩීසල් ලීටර් 13,000ක ගාණක් තියෙනවා කියලා.” 

“බවුසරයත් අපි නැවැත්තුවේ රේල් පාර හරස් කරලා. ඊට පස්සේ අපි පොලීසියේ OIC මහත්තයාට කිව්වා පෙට්‍රල් ඇවිත් තියෙන්නේ 6,600යි. ඉන්න පිරිසට තෙල් මදි. ඔයා දැන් කරන්න හදන්නේ අපේ වැඩේ නවත්වන්නද? වැඩි මිලට තෙල් බාන්න ද? කියලා. ලීටර් 6,600 වුණත් පරණ මිලට අපිට ඕනේ කිව්වා.” 

“OIC මහත්තයා කිව්වා ඊට පස්සේ  උඹලා දෙන්නට ඕන විදිහට මට මිල පාලනය කරන්න බෑ. මිනිස්ටර් ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. සාකච්ඡා කරලා කියන්නම් කියලා.”

“සහයෝගය දුන්න දෙන්නට කිව්වා පරිස්සමින් ඉඳපල්ලා. දෙන්නවම උස්සනවා කියලා. රඹුක්කන පොලීසියේ OIC මහත්තයා.” 

“ඊට පස්සේ යාළුවයි මමයි ත්‍රීවිල් එකේ නිදා ගත්තා. කලබලය ඇහෙනකොට සම්පත් අයියා මට කිව්වා.. මල්ලි කට්ටිය ගහගන්නවා..මොකද කරන්නේ කියලා. මං කිව්වා එනපොට හරියන්නේ නෑ. දුවමු කියලා. ත්‍රීවිල් එකේ යතුර අරන් දිව්වා.”

“අයේ එක පැත්තකින් කළු හෙල්මට් දාපු පොලිස් නිලධාරීන් 3 දෙනෙක් ආවා. දිග තුවක්කු අරන් ආවේ. කළු උස කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ත්‍රීවිල් එකේ ටෙන්ට් එකට තෙල් ගහන තැන කොලර් එක වගේ තිබ්බ තැනට ගිනි තිබ්බා ලයිටරයෙන්.” 

“බලාගන්න බෑ. ෆේස් මාස්ක් දාලා හෙල්මට් දාලා හිටියේ. 3 දෙනාම යුනිෆෝම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img