Wednesday, November 11, 2026
HomeNEWSතවත් රෝහලක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා

තවත් රෝහලක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා

හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඇතුළු 17 දෙනෙකුට ගතවූ දින කිහිපය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනයවි ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

වෛද්‍යවරුන් 4ක්, හෙදියන් 6ක්, සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙක් මේ වනවිට ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයින් විශාල පිරිසක් ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවත්, පවත්නා තත්ත්වය හමුවේ රෝහලේ දෛනික කටයුතුවලටද බාධා පැමිණ ඇති බවත් එම වෛද්‍යවරයා කීය.

ආසාදිත වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ පිරිස නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකර තිබේ.

දික්ඔය මුලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවල ආසාදිත ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත්, එම තත්ත්වය මත කොවිඩ් රෝගීන් විශාල පිරිසක් ඇඳන් නොමැතිව සිටින බවද එම වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (19) දිනය තුළ සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා පුද්ගලයින් 213,737 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන් වේ.

එන්නත්කරණ ක්‍රියාවලිය අදත් ක්‍රියාත්මක අතර මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා එකක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන එක් කෝටි විසි ලක්ෂ පනස් තුන්දහස් එකසිය තිස්හතක් ලෙස දැක්වෙයි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 53 ඉක්මවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img