Wednesday, November 11, 2026
HomeNEWSතවත් සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට පියවර ?

තවත් සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට පියවර ?

වැළිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවයක් ආරම්භකරනු ලැබුවේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස්කිරීමේ සුදානමක් ඇති බවට ලද තොරතුරු මත බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසයි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු ඊයේ (20) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කළේය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මහතා ප්‍රකාශ කළේ, දේශපාලන සිරකරුවන් නිදහස්කිරීම වෙනුවට දීර්ඝ කාලයක් සිරගත කර සිටින සාමාන්‍ය සිරකරුවන් නිදහස්කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවය.

මේ අතර ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයේ දී රැඳවියන් බියගැන්වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට නියමිත බන්ධනාගාර නිලධාරින්ට බලපෑම් එල්ල වන බවට සැක මතුවන බව සමගි ජනබලවේගය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පෙන්වාදෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ලබාදෙන සාක්ෂි පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img