Tuesday, August 4, 2026
HomeNEWSතහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන ගැන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

තහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන ගැන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව් ද පර්ල්ස් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන මෙරට තහනම් සංවිධාන ලෙස නම් කර තිබේ.

රට තුළ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සද්භාවයෙන් දරන ලද ප්‍රයන්නයන් වැඩි දියුණුකර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීතියේ අධිපත්‍යයේ හිතසුව පිණිස එම සංවිධාන කහනම් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මෙරට තුළ හෝ මෙරටින් පිටත දී කිසිදු පුද්ගලයෙකු විසින් එම සංවිධානයක හෝ සංවිධානය නියෝජනය කරන හෝ සංවිධානය වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයින් ඒ හා සම්බන්ධ වීම ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන වෙනත් යම් සංවිධානයක ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට හෝ ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන බවට සාධාරණ සැකයක් පවතින වෙනත් යම් සංවිධානයකට සහය නොදිය යුතු වේ.

එමෙන්ම එම සංවිධානයක සාමාජිකයෙකු හෝ සමූහයක සාමාජිකයෙකුවීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම්, ඇඳුම්, සංකේත, ලාංජන හෝ ධජ පැළඳීම, ප්‍රදර්ශනය කිරීම, රැස්වීම් කැඳවිම, රැස්වීම් පැවැත්විම හෝ ඊට සහභාගීවිම, සාමාජිකත්වය ලබා ගැනීම හෝ බැඳීම, එහි සාමාජිකයෙකුට හෝ සමූහයකට රැකවරණය සැලසීම, මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම තහනම් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කිසියම් පුද්ගලයෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරන්නේ නම් ඔහුට විරුද්ධව මහාධිකරණයක් මගින් වසර 20ක් නොඉක්මවන සිරදඬුවම් නියම වන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍යයි ජනපති දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා...

මාලිමා ආණ්ඩුව දිගටම ජනතාව රවටනවා-නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

වර්තමාන මාලිමා ආණ්ඩුව දිගින් දිගටම මේ රටේ ජනතාව මුලා කරමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අසත්‍යයෙන්ම රට පාලනය කරමින් සිටින බවත් ජනතාව මින් ඉදිරියට වර්තමාන ආණ්ඩුවට...

කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක්

ඉදිරි පැය 24 කාලය තුළ දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රා. ලේ. කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය ගැන අධිකරණ ඇමතිවරයා මහානාහිමිවරුන් දැනුම්වත් කරයි

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවේ කිසිසේත්ම එක් විනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කර ගනිමින් නොවන බවත් සමස්ත අධිකරණ පද්ධතිය තුලම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img