Wednesday, June 3, 2026
HomeNEWSඑක්සත්ජාතික පක්ෂසභාපති වජිර අබේවර්ධන මහතාගේ අළුත්අවුරුදු පණිවුඩය.

එක්සත්ජාතික පක්ෂසභාපති වජිර අබේවර්ධන මහතාගේ අළුත්අවුරුදු පණිවුඩය.

~ හෙළයේමහනැකැත්කෙළියගසක්සිටුවාසමරමු ~

හෙළයේ මහ නැකැත් කෙළිය ලෙස හඳුන්වනු ලබන සිංහල හින්දු අළුත් අවුරුද්ද හෙළදිව විසූ ආදී හෙළයන් ඉතාමත් ගෞරවයෙන් සැමරූ මහා මංගල්‍යයකි. වී ගොවිතැන් කර ගොයම් කපා පාගා අටු කොටු පුරවා ගත් ආදිතමයෝ හිරු දෙවියන් නමදිමින් සිදු කළ මෙම ජාතික උළෙල රටක් ජාතියක් වශයෙන් එකම දිනයක එකම වේලාවක ආහාර පිසීම, ආහාර අනුභවය, ගනුදෙණු කිරීම, වැඩ කටයුතු ආරම්භ කිරීම, ස්නානය හා හිස තෙල් ගෑම සිදු කළේ සෞභාග්‍යමත් සෞඛ්‍ය සම්පන්නව වැඩ කරන ජාතියක් ලෙස ලොවටම පණිවුඩයක් දෙමිනි.

මෙම උළෙල අනුරාධපුර සමයෙත් පැවතුන බවට සිගිරි කැටපත් පවුරේ ලියැවුනු නව සඳ බැලිම පිළිබඳ කවියෙන් මනාව පැහැදිළි වේ. යුගයෙන් යුගය මෙම අවුරුදු සමයට විවිධාංග එකතු වුවත් මුල් ආරම්භක අරමුණට කිසිම හානියක් නොවීමට සියලු දෙනාම වග බලා ගත්හ.

මීට අවුරුදු පනහකට පෙර 1971 වසරේද මෙරට වැසියන්ට අවුරුද්ද සැමරීමට නොහැකි වූයේ එම වසරේ අප්‍රේල් මුල් සතියේ ඇරඹුණු ජ.වි.පෙ කැරැල්ල නිසාය 1973 වසරේ අවුරුදු දිනට සිදු වූ හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ හදීසි වියෝව නිසා අවුරුද්ද සැමරීම ජනතාව විසින් සිය කැමැත්තෙන්ම අත්හැර ශෝකයෙන් යුතුව ගෙවා දැමීය. 88-89 භීෂණ යුගයේද අවුරුදු සමය සැමරීමට ජනතාව උනන්දු වූයේ නැත. මේ වසරේද ගිය වසරේ මෙන් කොරෝනා වසංගතය ආර්ථික අපහසුතා නිසා සිංහල අවුරුද්ද සැමරීමට බාධාවක් වී ඇත.

හෙළයෝ පැමිණෙන සියලු දුක් ගැහැට උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට සමත්හුය. එමෙන්ම මෙම වසරට අප රට වැසියන්ට අවුරුදු නිවාඩුව හිමි වී වසර 136 ක් සපිරේ. එයද අමතක නොකළ යුතු කරුණකි.

අද සුන්දර අවුරුදු සමය සමරණුයේ බක්මහ උළෙල සැණකෙළිය ආදී නම් වලිනි. පසුගිය වසරේත් මෙම වසරේත් අවුරුදු සමයට යම් යම් තහනම් පැනවී ඇත්තේ පවතින සෞඛ්‍යමය තත්ත්වයන් මතය. නමුත් අප රටේ අවුරුදු උදාව සමරණ සියලුම ජාතින් හා ආගමිකයන් ඒ සඳහා පුරුදු වී ඇති සිරිත් විරිත් අකුරටම සිදු කිරීමට ඕනැම අර්බුධ සමයක කටයුතු කරන බව අප දනිමු. 

මේ වන විට වර්තමානයේ ජීවත්වන අපි අති විශාල පරිසර විනාශයකට මුහුණ දෙමින් සිටිමු. වන ගහණය අඩු වීමත් ඒ තුළින් ජල උල්පත් සිඳී යෑම පානීය ජලය සොයා ගැනීමට අපහසු වීම, වන සතුන් වඳ වීම, ඔක්සිජන් අඩු වීම සහ අධික උෂ්ණත්වයක් විඳ දරා ගැනීමට සිදුවීම ආදී ප්‍රශ්ණ රැසකට මුහුණ දෙමින් සිටිමු. එබැවින් මෙම අවුරුදු සමයේ නැකතට වැඩ ඇල්ලීමේදී සෑම ගෙවත්තකම පරිසරයට හිකතර පැළයක් රෝපණය කර අනාගත පරපුරට පාරිසරික දායාදයක් එකතු කරන ලෙස ඉල්ලා සිටිමු.

එමෙන්ම මෙම අවුරුදු සමයෙත් මත් පැන් පානය කිරීමෙන් සිදු කර ගන්නා හදීසි අනතුරු, කල කෝලහාල, රිය අනතුරු ආදිය සිදු නොවන අයුරින් සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඓතිහාසිකත්වය, සංස්කෘතිකත්වය යන කරුණු කාරණා පිළිබඳව අවබෝධයෙන් යුතුව එහි අර්ථය විනාශ නොවන අයුරින් සාමකාමීව අවුරුදු සමය ගත කරමින් සැමරීමට කටයුතු කරන ලෙස අපි සියලු ලක්වැසි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

උදාවූ නව සිංහල හින්දු අළුත් අවුරුද්ද ලක්වැසි සියලු දෙනාටම වාසනාවන්ත වසරක්ම වේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.

වජිරඅබේවර්ධන

සභාපති – එක්සත් ජාතික පක්ෂය.

අළුත්අවුරුදුපණිවුඩය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img