Wednesday, June 3, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩය

චිරාත් කාලයක් මුළුල්ලේ පැවතගෙන එන සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද හඳුන්වා දිය හැක.වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉමහත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍යය සැමරූ අතර එක් අතකින් ජාතික සමගියේත් තවත් අතකින් සහජීවනය සහෝදරත්වය බෙදාහදා ගැනීම වැනි යහ සංකල්ප කුලුගන්වන උත්සවයක් ලෙසත් අලුත් අවුරුද්ද විශේෂිත වෙයි.
මානවයා සහ සොබාදහම  අතර  පවතින්නේ අන්‍යෝන්‍ය බැදීමක් මෙන්ම අන්‍යෝන්‍ය අරගලය කි.එම අරගලය තුළ මානවයා තාවකාලික ජයග්‍රහණයක් අත්පත්කරගෙන ඇතත් සොබාදහමට සමීපවීම මිස සොබාදහමින් දුරස් වීම මානව වංශකතාවේ පැවැත්මට හිතසුව පිණිස නොවන බව අදවනවිට වෙන කවරදාටත් වඩා තිර ලෙස සනාථ වී තිබේ.
එබැවින් සොබාදහම සමගවන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් වෙයි .
සොබාදහමේ ආශිර්වාදයෙන් තමන් උපයා සපයාගත් ධන ධාන්‍යවල අග්‍රඵලය බුදුන්,දෙවියන් වෙත පූජා කරමින්ද,ලෝකයේ පැවැත්මෙහි තීරණාත්මක මෙහෙවර ඉටු කරන සූර්‍යයාට කළගුණ දැක්වීමද චිරාත් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන් සිදු කළ සහ සිදු කරන පුණ්‍ය ක්‍රියාවකි.
මෙවරද,සිංහල අලුත් අවුරුද්ද උදා වූයේ කොහාගේ හඬින් නොව කොරෝනාවෙන් ප්‍රවේසම් වන්න යැයි කරනු ලබන නිවේදනවල හඬිනි.සශ්‍රීකත්වයේ පාඩම කියා දෙන සුවිශේෂී උත්සවයක් වන  අලුත් අවුරුද්ද මෙවර උදාවූයේ පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාව තුළ පවා පුරවැසියන් ව කොටු කරමිනි. 
දෙවසරක් තිස්සේ ලෝකවාසී සියලු දෙනා මුව ආවරණ පැළැද ජීවත් වන අතර ඊට හේතු වූ වෛරසය පරාජය කිරීමට මෙතෙක් කිසිවෙකු සමත්ව නැත.අභාග්‍යසම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින්  සිතිය යුතු පාඩම සොබාදහම විසින් නිහඩවම කියාදී ඇත.
මෙවන් තත්ත්වයක් තුළ මෙවරද සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවී ඇති අතර, මිනිස් සංහතියට යහපත,උදා කරන ශ්‍රී සුබ අලුත් අවුරුද්දක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img