Sunday, September 13, 2026
HomeNEWSතාත්තට හයි කරලා තිබුණේ අපි පරිත්‍යාග කරපු හුස්ම ගන්න යන්ත්‍රයක්-සජිත ඇන්තනී.

තාත්තට හයි කරලා තිබුණේ අපි පරිත්‍යාග කරපු හුස්ම ගන්න යන්ත්‍රයක්-සජිත ඇන්තනී.

තාත්තට සවි කරලා තිබුනේ අපි සල්ලිවලට අරන් දුන්න වෙන්ටිලේටරයක්..-
තාත්තට සවි කරලා තිබුනේ අපි සල්ලිවලට අරන් දුන්න වෙන්ටිලේටරයක්..- සජිත ඇන්තනී..
කොළඹ ජාතික රෝහලේදී ජැක්සන් ඇන්තනි මහතාට දීර්ඝ කාලයක් කෘතිම ස්වසනය ලබා දීම සඳහා භාවිතා කරන ලද්දේ තම ඥාතීන් වෙතින් මුදල් එක්රැස් කර ජාතික රෝහලට පරිත්‍යාග කරන ලද වෙන්ටිලේටර් යන්ත්‍රය බව ඒ මහතාගේ පුත් සජිත ඇන්තනි මහතා සඳහන් කරයි.

වසර 15ක පමණ කාලයක වගකීමක් සහිත එම යන්ත‍්‍රය ඉදිරියටද බොහෝ පිරිසකට ජීවිතය රැුක ගැනීමට උපකාරී වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජැක්සන් ඇන්තනී මහතාගේ අවමංගල සභාවේ ස්තූති කතාව කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අපේ අප්පච්චි ඔපරේෂන් එකෙන් පස්සේ ඇත්තටම ඒ ඔපරේෂන් එක ඉතා සාර්ථකව සිදුවුණා. මගේ අප්පච්චි අපි අනතුර වෙලා රෝහල්ගතකරනකොට තියෙන තත්ත්වය ඉතාම හොඳ ප්‍රගතියක් අපි දැක්කා මගේ අප්පච්චි ටිකෙන් ටික වර්ධන වෙන හැටි දැක්කා. දකුණු අත විතරයි මුලින් හෙළෙව්වේ. පස්සේ වම් අත හොලවන්න ගත්තා. පස්සේ කකුල් හොලවන්න ගත්තා. අපි ගිහිල්ලා සින්දු කියනකොට අත්වලින් නටන්නත් පටන්ගත්තා. ICU වන් හි තාත්තාව බලපු සියලුම විශේෂඥ වෛද්‍යවරු හෙද හෙදියන් සහාය කාර්යමණ්ඩලය අනේ ඒ අයට බොහෝමත්ම ස්තූතියි.

මම යම් විදියකට කල්පනා කළා මගේ අප්පච්චිට හුස්ම දෙන ඒ මැෂින් එක දිහා බලාගෙන මැෂින් එකක් මිලදීගෙන හොස්පිටල් එකට පරිත්‍යාග කරන්න ඕන කියලා. මැෂින් එකක් මිලදීගත්තා. ඒකට උදව් කරපු සියලුදෙනාට ස්තූතියි. ඥාතීන් තමයි අපිට උදව් කළේ. අපේ අප්පචිචි අන්තිම හුස්ම හෙලනකල් හුස්ම ගත්තේ අපි හොස්පිටල් එකට පරිත්‍යාග කරපු මැෂිමකින්. මේ වෙනකොට ඒ මැෂින් එක තව රෝගියෙකුට සම්බන්ධ කරලා හුස්ම දෙනවා ඇති.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img