Sunday, September 20, 2026
HomeNEWSතැන්පතුකරුවන්ගේ මුදල් නැවත ගෙවන්නැයි කැන්රිච් ෆිනෑන්ස් වෙත නියෝගයක්

තැන්පතුකරුවන්ගේ මුදල් නැවත ගෙවන්නැයි කැන්රිච් ෆිනෑන්ස් වෙත නියෝගයක්

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුළදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත නියෝග කිරීමට තීරණය කර ඇති බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරව එම තීරණය ගෙන තිබේ. 

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙනඑම පියවර ගත් බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

ඒ අනුව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම මහජන වගකීම් සම්පූර්ණයෙන් නැවත ගෙවීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට අවශ්‍ය පියවර තහවුරු කිරීමෙන් සහ එම මහජන වගකීම් ගෙවීමෙන් පසු එම ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයේ තැන්පතුකරුවන්ගේ සහ පොරොන්දු නෝට්ටුහිමියන්ගේ යහපත උදෙසා ඉහත කී නියෝගය නිකුත් කර ඇති බවද වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් එකඟ වී ඇති පොළී අනුපාතයන්ට අනුව 2022.12.26 දින දක්වා උපචිත වන පොළී මුදල්ද ඇතුළුව සම්පුර්ණ මහජන වගකීම් ප්‍රමාණය ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.

මෙම නැවත ගෙවීමේ සැලැස්මට අනුව 2023.02.28 දිනට පෙර සිය මුදල් නැවත ලබාගන්නා ලෙස “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනයේ සියලුම තැන්පතුකරුවන් සහ පොරොන්දු නෝට්ටුහිමියන් වෙත දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img