දිවයිනේ ප්‍රදේශ දෙකක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුවූ බව පොලීසිය පවසයි.
පොළොන්නරුව ගණන්ගොල්ල ප්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුව ඇත.
පොළොන්නරුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී මියගොස් සිටි පුද්ගලයාගේ බිරිඳ විසින් මෘත ශරීරය හඳුනාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි නව නගරය, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගොස් ඇති පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.
ඔහු පසුගිය 4වනදා සිට ඔහු අතුරුදන්ව සිට ඇති අතර ඔහුගේ බිරිඳ විසින් පසුගිය 6 වනදා ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබේ.
පොළොන්නරුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර කටුගස්තොට – නවයාලතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 77 හැවිරිදි මහවෙල, නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















