ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන විරෝධතාවයට සහභාගී වී සිටි පුද්ගලයෙක් හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
විරෝධතා භූමියේ රැඳී සිටි එම පුද්ගලයා ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු ඊයේ රාත්‍රියේත් එම ස්ථානයේ ගීත ගායනා කරමින් සිට ඇත.
කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේ.
ඊයේ රාත්‍රියේ ඇඳහැලුණු අධික වර්ෂාව නොතකමින් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටි අතර ඔවුන් රැය පහන් කර තිබුණි.






















