Wednesday, November 11, 2026
HomeNEWSතැන තැන හමුවන කොවිඩ් පොකුරු

තැන තැන හමුවන කොවිඩ් පොකුරු

මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 140 දෙනෙකුට අගෝස්තු මාසයේදී පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ වෛරසය ආසාදනයවූවන් අතර වෛද්‍යවරු 11දෙනෙකු, හෙද හෙදියන් 55දෙනෙකු, අතුරු වෛද්‍ය සේවාවේ 10දෙනෙකු ද සිටින බවය.

සෑම දිනකම රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු වෛරසයට නිරාවරණය වන බව ඔහු පැවසීය.

මේ අතර, නයි නැටවීම, රිලවුන් නැටවීම සහ සාස්තරකීම තුළින් තම ජීවිකාව සරිකර ගන්නා ජනතාව පදිංචි වව්නියාව, නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ 26 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

ඒ, ඊයේ එම ගම්මානයේ 164 දෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදීය.

බණ්ඩාරවෙළ එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි නාට්ටාමිවරයෙක් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වීමෙන් පසු ඔහුගේ ඥාතීන් විසින් ඔහුව භාරනොගැනීම නිසා ඔහුට තොග වෙළඳ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවිය.

පසුව මේ පිළිබඳ දැනගත් බණ්ඩාරවෙල නගරාධිපතිවරයා , සෞඛ්‍ය අංශවලට දැනුම්දීමෙන් පසු ගිලන් රථයක් ගෙන්වා බිදුණුවැව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත එම ආසාදිතයාව යොමුකරනු ලැබීය.

මේ අතර දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වූ තීරණය හෙට ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවේදී තීරණයකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

දැනට නිවසේදී ප්‍රතිකාර ලබාදීම සහ කළමනාකරණය කිරීම සඳහා බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයින්ට හඳුන්වා දුන් 1904 SMS සේවාව අද (02) දකුණු පළාතටත් හඳුන්වාදුනි.

ඒ අනුව ඔබ නිවසේ සිටින කොවිඩ් ආසාදිතයෙකු නම්, ඔබට ශ්වසන ආබාධ සහ අනෙකුත් සංකූලතා ඇත්නම් A අක්ෂරයද , උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ  ඇත්නම් B අක්ෂරයද, රෝග ලක්ෂණ නොමැති අයෙක් නම් C අක්ෂරය ද යොදා ඔබේ වයස, උපන් දිනය සහ ලිපිනය ද සටහන් කර 1904 අංකය වෙත SMS පණිවිඩයක් යොමු කිරීමෙන් අදාළ සේවාව ලබාගත හැකිවෙයි.

මේ අතර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ බස් රථ ඊයේ පයාගල පොලිසියේ පරික්ෂාවට ලක්කෙරුණා.

එහිදී අත්‍යාවශ්‍ය සේවා පුවරුව යටතේ සාමාන්‍ය මගීන් ද ධාවනය කළ බස් රථයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් පියවර ගත්තේය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ බස් සහ දුම්රියේ පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා නිසි සැළැස්මක් ක්‍රියාත්මක නොකරන තෙක් කොවිඩ් පැතිරීම පාලනය කරගැනීමට නොහැකි වනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img