පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල වල කාර්ය මණ්ඩල අද දිනය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතයි. අද උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා මෙම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.






















