Thursday, July 2, 2026
HomeNEWSLatest Newsව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වනවා…..

ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වනවා…..

ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වනවා…..

මහ මැතිවරණයෙන් අනතුරුව  ව්‍යවස්ථා සංශෝධනයක්  තුළින් පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජය කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අද (2020.07.12) පෙරවරුවේ ඒ පාදුක්ක නගරෙයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තම රජයක් පැවති සෑම අවස්ථාවකදීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දීමට කටයුතු කළ බවයි.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.  

මට මේ භූමියට ඇතුල් වෙනකොටම ඉතාම සතුටක් දැනෙනවා. අපේ රජය පැවති කාලේ මම පාසලක් විවෘත කරන්න ආපු ගමන් මේ පොළ භූමිය බලන්න ආවා. මෙතන තිබුණේ ලොකු මඩ වගුරක්. මම ඒ වෙලාවෙම ආරක්ෂක ලේකම් විදියට හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කතා කරලා මේ පොළ භූමිය හදන්න කටයුතු කරන්න කියලා කිව්වා. එතුමා ඒ වැඩේ කළා. ඒ නිසා අද අපි මේ විදිහට ඉතාම පිරිසිදු පැහැදිලි සංවර්ධනය වූ ස්ථානයක මේ රැස්වීම පවත්වන එක ගැන මට ලොකු සතුටක් දැනෙනවා. 

එදා අපි එදා පුංචි සාකච්ඡාවකින් ආරම්භ කරපු පොදුජන පෙරමුණු ආගමනය අද මහා බලවේගයක් බවට පත්වෙලා. ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් හාර දහසක් පමණ නියෝජිතයෝ පත් කර ගන්න පුළුවන් වුණා. එදා 71% ප්‍රතිශතයක් අරගෙන ඒ මැතිවරණය ජයග්‍රහණය කළා. උතුරු නැගෙනහිර හැර අනිකුත් ප්‍රදේශවල අපි ඉතා පැහැදිලි විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා කිව්වොත් හරි.

පසුගිය රජය අවුරුදු දෙකක් පුරා පළාත් පාලන මැතිවරණය කල් දැමුවා. පළාත් සභා මැතිවරණය කල් දාලා හැඟෙන්න  පුළුවන් උපරිම දේ කළා.  රටේ හොඳ වෙලාවකට ජනාධිපතිවරණය තියන්න සිද්ධ වුණා. අපි ජනාධිපතිවරණය විජයග්‍රහණය කළා.

මේ මහ මැතිවරණය ජයග්‍රහණය කරලා ව්‍යවස්ථා වෙනසකින් පරණ ක්‍රමයට හරි පළාත් සභා මැතිවරණය තියලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න අපි පියවර ගන්නවා.     

පසුගිය අවුරුදු 5 ක පාලනයේ දී විරුද්ධ පක්ෂය විදිහට අපි උපරිම දේ කළා. නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබුණු මත ගැටුම නිසා ජනතාවට කිසි දෙයක් ලැබුණේ නැහැ. දැන් වුණත් එජාපයේ  දෙකඩ වූ පිරිස් ඡන්ද ඉල්ලන්නේ  ආණ්ඩුවක් හදන්න නෙවෙයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට විපක්ෂය ආණ්ඩුවක් පිහිටවන්න ඡන්දෙ නොඉල්ලන එකම මැතිවරණය මේකයි.  එයාලා තරඟ කරන්නේ සිරිකොත අල්ලන්නයි. ඒක උසාවියට ගිහිල්ලා වුණත් බේරුමක් කරගන්න පුළුවන්. මම අපේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ රටක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න කියලයි.

රැකියා, කර්මාන්ත, සංවර්ධනය කියන ක්ෂේත්‍ර  රටකට අත්‍යවශ්‍යයි. අපේ රට සංවර්ධනය කළා නම් කළේ අපේ කාලේ විතරයි.  වරාය ගුවන් තොටුපළ විතරක් නෙවෙයි පාසල් ගත්තොත් මහින්දෝදය විද්‍යාගාර තුළින් අපි විශාල අධ්‍යාපන දියුණුවක් කරගෙන ගියා. පාසල් නගා සිටුවන්න අපි විශාල වැඩ කොටසක් කළා. උතුරු නැගෙනහිර ඇතුළු  මුළු  ලංකාවටම සීයට සීයක් විදුලිය දුන්නා. දැන් අපේ ඉලක්කය මුළු ලංකාවේම ජනතාවට  පිරිසිඳු පානීය ජලය  ලබා දීමයි.  විදුලිය ලබාදුන්නා වගේම අපි ලංකාවේම  පාරවල් කාපට් කරන්න කටයුතු කළා. දැන් ලංකාවේ කාපට් කරපු පාරක් නැති ගමක් නැහැ. චිත්‍රපටි හදන සමහර අය මට කියනවා චිත්‍රපටියකට ගන්නවත් පස් පාරක් හොයාගන්න බැහැ කියලා. කිලෝමීටර් ලක්ෂයක මහා මාර්ග හදන වැඩපිළිවෙළ අපි දැන් ආරම්භ කරලා තිබෙනවා.

මොන ප්‍රශ්න ආවත් මේ ගමන ඉදිරියට යන්න ඕනේ. කෙටි කාලයකට ජනතාව ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට රැවටිලා අපිව ගෙදර යැව්වා.  ඒකෙන් වුණ පාඩුව පියවා ගන්න ඕනේ.    

රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අය තෝර ගන්න ජනතාව යුතුකම ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ,ගීතාංජන ගුණවර්ධන,  මහේෂ් අල්මේදා, රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img