‘‘ව්‍යවස්ථාදායක සභාවට විධායකය දිගින් දිගටම බලපෑම් සිදුකළොත් තිබුණ අරගලයට වඩා වැඩි අරගයක් ඇතිවෙන්න පුලුවන්‘‘ – අශෝක් අබේසිංහ
ජනාධිපති පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක් බවත් රටේ ව්‍යවස්ථාවට ඉහළින් විධායකය හැසිරෙන බවත් එය නොවිය යුතු ක්‍රියාවක් බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
ජනාධිපතිවරයාගේ මෙවැනි ක්‍රියාවලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය තව තවත් කල් යාමට ඉඩ ඇති බවත් ව්‍යවස්ථාදායක සභාවට විධායකය ඇඟිලි ගැසීම දිගින් දිගටම සිදුකළොත් තිබුණ අරගලයට වඩා වැඩි අරගයක් ඇතිවීමට හැකි බවත් ඒ මහතා හෙතෙම සඳහන් කළේය.
රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න කිසිම වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව නැති බවත් ආණ්ඩුවේ එකම වැඩපිළිවෙල රටේ සම්පත් විකිණීම බවත් රජයේ ආයතන 152 ක් විකුණන්න රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී තිබෙන බවත් ලාභ ලබන ආයතන 15 ක් වහන්නත් රජය තීරණය කර තිබෙන බවත් අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක් අබේසිංහ මහතා මෙසේ පැවැසීය.
‘‘රටේ ආරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපතිවරයා , පොලිසිය භාර ඇමැතිවරයා , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා මේ වනවිට රටින් පිට වෙලා ඉන්නවා. එවැනි තත්ත්වයක වැඩබලන පොලිස්පතිවරයාගේ පත්වීම නීති විරෝධී කියලා කියනවා. ඒක අභිබවා ජනාධිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාව පත්කරවා. රටේ නීතිය හා සාමය ඇති කරන්න වැඩිපිළිවෙලක් සකස් කළ යුතුයි. ව්‍යවස්ථාදායක සභාව ගන්න තීන්දු තීරණ ජනාධිපතිවරයා නොසලකා හැරීමෙන් ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවෙනවා. වර්තමාන ආණ්ඩුව සහ කැබිනට් මණ්ඩලය රට බංකොලොත් කරලා බංකොලොත් වුණේ කොහොමද කියලා දැන් ඔවුන්ම කොමිසමක් දාලා හොයන්න යනවා.
එ වගේම ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබෙන සමාජ මාධ්‍ය මර්දනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමන පනත ඉදිරිපත් කරලා තියෙනවා. මේ පනත ආණ්ඩුවට විරුද්ධව නගන හඩ යටපත් කරන ගේන පනතක්. මේ පනතට විරුද්ධව ශ්‍රේෂ්ධිකරණයට පෙත්සම් 35ක් ඉදිරිපත් කරලා තියෙනවා.
දණ්ඩ නීති සංග්‍රාහයේ 291, 291 (ආ) , 120 පවත , මහජන ආරක්ෂක පනත , 1995 අංක 21 දරන ශ්‍රී ලංකා ටෙලිකොමිනිකේෂන් පනත , ත්‍රස්තවාදය වැළක්වීමේ පනත , 2016 අංක 17 පරිගණක අපරාධ පනත , 1927 අංක 4 දරන අසත්‍ය ප්‍රකාශ පළ කිරීමේ පනත යන පනත් සියල්ල තියෙද්දී මාර්ගගත ක්‍රමවල ආරක්ෂිත භාවය පිළිබඳ ගෙනල්ලා තියෙනවා. ත්‍රස්ත විරෝධී පනත නැවත වරක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පනතටත් විරුද්ධව ජනතාව අධිකරණයට ගිහින් තියෙනවා.
ආණ්ඩුව මෙවැනි ක්‍රියා කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී හෝ මහමැතිවරණයකදී වර්තමාන අණ්ඩුවට සහ ජනාධිපතිවරයාට බලයට පැමිණිමට නොහැකි නිසා. ආණ්ඩුව මැතිවරණ කල් දැමීම සඳහා විවිධ කූට උපක්‍රම යොදනවා. ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනමත විචාරණයක් පවත්වන්න වැඩපිවෙලක් සකස් කරමින් පවතනින බව ආරංචි වෙනවා. ජනාධිපතිධූරය අහෝසි කරලා විධායක අගමැතිධූරය හරහා සිටින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණය යුතුයි කියලා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න යනවා. පුද්ගලයන්ට ඕන විදිහට රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දකෙක බහුතරයක් අවශ්‍යය වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ යාන්ත්‍රණය සක්‍රීයව තිබියදීත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 1994 , 2010 , 2015 , 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ නෑ. රනිල් වික්‍රමසිංහ පරාජය වන බව දැනගත්තොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. දැන් ජනාධිපතිධූරය අහොසි කරලා ජනාධිපතිධූරය කල් දාන්න රනිල් වික්‍රමසිංහ උත්සහ කරනවා.
ජනාධිපතිවරයා විදේශගතවෙන්න කලින් විවිධ ප්‍රකාශ කරනවා. ජපානයේ යන්න කලින් කිව්වා නවත්වලා තිබුණ දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා කියලා. ජපානයේ ගිහින් ආවට පස්සේ ඒ ගැන කතාවක්වත් නැ. චීනයේ යන්න කලින් කිව්වා චීනය ණය ප්රතිව්යුහතලකරණයට කැමතිවෙලා තියෙනවා කියලා. චීනයට ඩොලර් බිලියනන 8 ක 9 ක ණයක් ලංකාව ගෙවිය යුතුව තිබෙනවා. චීනය කැමති වෙලා තියෙනවා ඒ ණය ගෙවන්න තවත් ණයක් දෙන්න. ණය කපාහැරීමක් සිදුකරන්න චීනය එකඟවෙලා නෑ. 2023 . 05. 21 වැනිදා ජනාධිපතිවරයා කිව්වා සැප්තැම්බර් මාසයේ රට බංකොලොත් භාවයෙන් මුදා ගන්නවා කියලා. මේ ප්‍රකාශය 6 වැනි මාසයෙත් ප්‍රකාශ කළා.
ලෝකයේ රටවල් 180 න් දූෂණය අතින් 135 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබිලා තිබෙනවා. දූෂණ සංජාතක දර්ශකයේ ලකුණු 36 ක් තමයි ලංකාවට ලැබිලා තියෙන්නේ. ලෝකයේ දූෂිතම රටවල් ඇතුළට ලංකාවත් ඇතුළු වෙලා තියෙනවා. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙැවනි වාරිකය නොලැබීමට එක් හේතුවක් වන්නේ රටේ දූෂණ වංචාව.
ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 9 ක් බවත් වියදම සියයට 19 ක් බවත් වියදම අඩුකරලා ආදායම් වැඩි කරන්න කියලා ජත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරලා තිබෙනවා. ආදායම් වැඩි කරන්න රජය සිදුකළ බදු එකතු කිරීම මේ වනවිට ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. වෘත්තිකයින් රට හැර යනවා. ලංකාවේ බුද්ධි ගලනයක් ඇති වෙලා තියෙනවා.
ඒ වගේම ආචාර්යවරු සහ මහචාර්වරුන්ගේ හිඟය හේතුවෙන් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිට දැඩි අර්බුදයකට ලක්වී තිබෙනවා. සරසවි වල 12990 ක් ආචාර්වරු සිටිය යුතු වුවත් වර්තමානයේ සිටින්නේ 6000 ක් පමණ පිරිසක්. දැනට සිටින මහචාර්වරුන්ගෙන් පිරිසකුත් විදේශ ගතවීමට තීරණය කර ඇති බව පසුගියදා විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රකාශ කර තිබුණා. ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන් 2000 කට ආසන්න පිරිසක් විදේශගත වෙලා තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරු 300 ක් පමණ විදේශගත වෙලා. වෛද්‍යවරු විදෙස් ගතවීම හේතුවෙන් රෝහල් කඩා වැටිමට ලක්වෙලා.
රජයේ වියදම බිලියන 3960 ක් බව මෙවර අයවැය ඇස්තමේන්තුවල තිබෙනවා. මේ අතර 2024 වසර තුළ බිලියන 3900 ක් ණය ගන්න යනවා. අද වනවිට රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 96 ක්. කෝටි 31 ලක්ෂයක්. වසර කිහිපයක් තුළ දෙගුණයකට වඩා ණය බර වැඩිවෙලා තියෙනවා. රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. ආණ්ඩුවේ එකම වැඩපිළිවෙල විකිණිම. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වෙලා තියෙනවා රජයේ ආයතන 152 ක් විකුණන්න. ආයතන 15 ක් වහන්න තීරණය කරලා තියෙනවා.
ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බිලියන 59 ක් හුස්ම , සක්වල වැඩසටහන් සඳහා යොදවලා තිබෙනවා. රටේ හිටපු කිසිම විපක්ෂයක් මෙවැනි වැඩ කොටසක් සිදුකරලා නෑ.
ආණ්ඩුවට අපි කියන්නේ වහාම මැතිවරණයක් තියන්න ආණ්ඩුවක් කරන්න පුලුවන් රජයක් පත් කර ගන්න ජනතාවට අවස්ථාව ලබාදෙන්න. ඒ සඳහා ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හරි වෙලාවට පවත්වන්න. රට ඉදිරියට යන්න නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙලක් සමගි ජනබලවේගයට තිබෙනවා.‘‘
======================================
ප්රශ්නය – ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිව ඉවත් කරනවා නමුත් ජනාධිපති පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවනවා ඇත්තටම වැඩක් ව්‍යවස්ථාදායක සභාව වැඩක් තියෙනවද?
පිළිතුර – රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ හිටපු කාලයේ කියපු දේවල් නෙවෙයි දැන් ආණ්ඩුවේ ඉද්දි කියන්නෙ. එතුමා අගමැතිවෙලා ඉන්න කාලයේ තමයි ස්වාධීන කොමිසන් සභා ඇති කරන්න තින්දු තීරණ ගත්තේ.
රටේ ස්වාධීන කොමිසන් සභාවලට වඩා විධායකය ඉන්නවා. රනිල් වික්‍රමසිංහට විධායක බලයක් නෑ. ජනතාව නෙවෙයි රනිල් වික්‍රමසිංහ පත්කළේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. විධායක බලය ගන්න ජනතාපරමාධිපත්ය තියෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ රටේ ස්වාධීන කොමිසන් සභා ගණන් ගන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ රටේ නීතිය අවභාවිතා කිරීමක්. රටේ ව්‍යවස්ථාවට ඉහළින් විධායකය හැසිරෙනවා. ව්‍යවස්ථාවට ඉහළින් විධායකයට හැසිරෙන්න බෑ. රටේ ඉන්නේ නිර්වින්දය වුණ ජනාධිපතිවරයෙක්, ජනාධිපතිවරයාගේ ක්‍රියාවලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය තව තවත් කල් යන්න පුලුවන්. ව්‍යවස්ථාදායක සභාවට විධායක ඇඟිලි ගැසීම දිගින් දිගටම සිදුකළොත් තිබුණ අරගලයට වඩා වැඩි අරගයක් එන්න පුළුවන්.






















