Wednesday, November 11, 2026
HomeNEWSතෙල් මිල වැඩිවීම - සාගර කාරියවසම්ට පිළිතුරු දීමට ගම්මන්පිල සැරසෙයි

තෙල් මිල වැඩිවීම – සාගර කාරියවසම්ට පිළිතුරු දීමට ගම්මන්පිල සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයට අද (13) දිනයේ පිළිතුරු ලබාදෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා  ඊයේ නිවෙදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවය.

එමෙන්ම මෙවන් අවස්ථාවකදී ජනතාව මත අතිරේක පීඩනයක් ඇති කිරීම නොකළ යුතු තත්ත්වයක් බවත් මෙම තත්ත්වය වෙනස් විය යුතු බවත් සිය පක්ෂයේ මතය බව එහි සඳහන්ව තිබුණි.

ඉන්ධන මිල පසුගිය 11වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තේය.

මිල ඉහළ දැමීමට පෙර මාධ්‍ය හමුවක් කැඳවූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ මිල සංශෝධනයට ජීවන වියදම් අනුකමිටුව තීරණය කළ බවය. 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට පිළිතුරු ලබාදීම සඳහා අද (13) පස්වරු 02 ට මාධ්‍ය හමුවක් පවත්වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img